මාළු නිහාල්ට හැරෙන්නවත් ඉඩ නොතියා චින්තක අමරසිංහ ඔළුවටම වෙඩි තිබ්බා
වැනසිය නොහැකි සලකුණු ලංකා
පාතාල කරළියට එන්නත් කරමින් සොත්ති උපාලි ඒ වන විට පාතාලය හොඳ හැටි
පොහොසත් කරමින් තිබිණි. එය පොහොසත් වූයේ වෙන කිසිවකින් නොව ඔහු එවකට
දේශපාලන බලාධිකාරියේ සරම් පල්ලේ සැඟවුණු නිසාවෙනි
වැනසිය නොහැකි
සලකුණු ලංකා පාතාල කරළියට එන්නත් කරමින් සොත්ති උපාලි ඒ වන විට පාතාලය හොඳ
හැටි පොහොසත් කරමින් තිබිණි. එය පොහොසත් වූයේ වෙන කිසිවකින් නොව ඔහු එවකට
දේශපාලන බලාධිකාරියේ සරම් පල්ලේ සැඟවුණු නිසාවෙනි.
ලොක්කා ඔහු සරම් පල්ලේ සඟවා ගන්නේ ඔහුට තිබෙන ආදරයට නම් නොවේ. මල්වට්ටි
අරන්, නිවන් ෙදාරේ රුවන් ෙදාරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, ගඳ ගහන
වැඩ ටික කරගන්නටය. ඒ ආනුභාවයෙන් සොත්ති උපාලි ලංකා පාතාල කිරුළේ කටු ඔටුන්න
හිස මත රඳවා ගන්නේ තමන්ට ඉහළින් කපුටකුවත් පියඹා නොයා යුතුයි යන මනෝ
වියරුවෙනි.
එකී බලය හමුවේ චින්තක අරමසිංහලා යනු පරඬැලක් වැනිය. තමන්ට එරෙහි අඳුරු
සෙවණැලි පලවා හැරිය යුතු යැයි තරයේ සිතා ගත් සොත්ති උපාලි "චින්තක අමරසිංහ"
චරිතය තමන්ට හිසරදයක් වනු ඇතැයි සිතුවේය. ඒ අනුව චින්තක අමරසිංහ ඝාතනය
කිරීම සඳහා සොත්ති උපාලි අතින් පිඹුරුපත් සැකසී ගියේ තවත් බිහිසුණු පාතාල
කතාවකට මූල බීජ වපුරමිනි.
චින්තක අමරසිංහ මීගමුව අධිකරණයේදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වෙනවා. මොකක්ද ඒ සිදුවීම?
සොත්ති උපාලි දැනගෙන හිටියා තමන්ට ලොකු හිසරදයක් චින්තක ජීවත් වෙන එක
කියලා. ඒ නිසා තමයි චින්තකව මරන්න සොත්ති උපාලි තීරණය කරන්නේ. චින්තකත්
හිතුවේ තමන්ගේ මාමා, නැන්දා, තාත්තා මරපු එකාව කොහොමහරි මරනවා කියලා.
චින්තක හිතෙන් පුදුම ශක්තියක් අරගෙන තිබ්බේ. සොත්ති උපාලි, චින්තක උසාවි
නඟින දවසක් අල්ලලා, චින්තකට වෙඩි තියන්න සෙට් කළා.
කොහොමහරි ඔය පැලෑන් එක චින්තකගේ කනට ගියා. චින්තක බන්ධනාගාර මහත්වරුන්ට
ඕක කීවා. එදා උසාවියට චින්තකව අරන් ආවේ දැඩි ආරක්ෂාවක් දීලා. හැබැයි
සොත්ති උපාලි ගේම අත් හැරියේ නැහැ. ඔය කඩුවෙල පැත්තේ හිටියා චමින්ද කියලා
කොල්ලෙක්. ඔතැනදී සොත්ති උපාලි ඩබල් ගේමක් ඔළුවෙන් ගැහැව්වා. සොත්ති උපාලිට
වුවමනාවක් තිබ්බා චින්තක මරන කේස් එක කඩුවෙල වසන්තගේ පිටින් අරින්න.
සොත්ති උපාලි චමින්ද කියන කොල්ලට කීවා චින්තකට උසාවියේදී වෙඩි තියන්න
කියලා. නඩුව උපාලි බලාගන්නම් කියලා. මොකද ඒ කාලේ උපාලි හිටපු තත්ත්වයත්
එක්ක ඕන දේකට මැරෙන්න ඔට්ටු කොල්ලෝ සෙට් එකක් උපාලි ළඟ හිටියා. එදා මීගමුව
උසාවියේදී චමින්ද කියන කොල්ලා චින්තකට වෙඩි තිබ්බා.
හැබැයි එදා චින්තක බේරුණා. චින්තකගේ ආරක්ෂාවට ආපු ප්‍රිසන් එකේ මහත්වරු චමින්ද කියන කොල්ලව උසාවිය ඇතුළේ වෙඩි තියලා මැරුවා.ඊට පස්සේ චින්තක අමරසිංහට උසාවියෙන් ඇප නියම වෙනවා.
ඔව්. චින්තකට ඇප හම්බු වෙනකොට ගිනි ජාලාවක් පත්තු වෙලා තිබ්බේ. චින්තක ඇප අරගෙන හැංගිලා හිටියේ කඩුවෙල වසන්ත ළඟ. එතකොට මේ වෙනකොට කඩුවෙල වසන්තයි සොත්ති උපාලියි ගේමේ හිටියේ. වසන්තත් හිතුවා මේක හොඳම චාන්ස් එක. චින්තක ලව්වා සොත්ති උපාලිට ගස්සන්න කියලා.
චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කරනවා. මොකද්ද ඒ සිදුවීම?
ඔබේසේකරපුර මාළු නිහාල් කියන්නෙ සොත්ති උපාලිගේ දකුණු අත වගේ හිටිපු එකා. මුලින්ම මාළු, ඊට පස්සේ අරක්කු, ගංජා, කුඩු ඔය බිස්නස්වලට ඒරියා එක හදලා, පොලිසි ටික හරිගස්වලා බිස්නස් එක ගෙනියන්න සොත්ති උපාලි ෆුල් බැක් එකක් දුන්නා. ඉතින් මාළු නිහාල්ගේ දෙයියෝ වගේ තමයි සොත්ති උපාලි හිටියේ. එතකොට ඔය කළු අජිත් ඇත්තටම හිටියේ මාළු නිහාල් ළඟ. අරක්කු ටිකක් විකුණගෙන, ඊට පස්සෙ යන්න, යන්න, කුඩු ටිකක් විකුන්න පටන් ගත්තා. දවසේ ඩේලි කලෙක්ෂන් එක ගහගෙන හිටියේ. ඒ වෙනකොට චින්තකගෙයි කළු අජිත්ගෙයි කිසිම සම්බන්ධතාවක් තිබ්බේ නැහැ. හැබැයි සොත්ති උපාලි හිතුවා මාළු නිහාල් මරන්න, කළු අජිත් චින්තක අමරසිංහට උදවු කළා කියලා.
කොහොමද චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කරන්නේ?
එදා මාළු නිහාල් ගෝතමී රෝඩ් එකේ, සොත්ති උපාලි ආණ්ඩුවෙන් දුන්න ගෙවල් ළඟ
චීනා කියන කොල්ලත් එක්ක හිටියේ. දෙන්නගේ අතේම වෙපන් තිබ්බා. සාමාන්‍යයෙන්
ඔය මාළු නිහාල් වෙපන් එක අතේ තියාගෙන තමයි ඉන්නේ. කොහොමහරි වත්තේ කට්ටිය
චින්තකට බැක් එක දුන්නා, පණිවුඩ දුන්නා මාළු නිහාල්ව මරන්න. එදා කොහොම හරි
කොල්ලෙක් ඇවිල්ලා බොරුවට මාළු නිහාල්ට කීවා පොලිසියෙන් වත්තට පනිනවා ආයුධය
ඉණේ ගහගන්න කියලා. මාළු නිහාලුයි, චීනායි මොකද කළේ තිබ්බ ආයුධ දෙක ඉණේ ගහ
ගත්තා. එතකොට චින්තකට ටි්රප් දෙන කොල්ලෙක් ඇවිල්ලා තමයි ඕක කිව්වේ.
චින්තයි, තව ආමි එකේ කොල්ලෙකුයි ලෑස්ති වෙලා හිටියේ මාළු නිහාල්ට ගහන්න.
ට්‍රේල් බයික් එක ආමි එකේ කොල්ලා පදිනවා. චින්තක පිටි පස්සේ. කොහොමහරි
ගෝතමී රෝඩ් එකට බැහැලා බයිසිකලේ මඟ නතර කරලා චින්තක වෙපන් එක ලෝඩ් කරගෙන
ඉස්සරහට ආවා. එතකොට මාළු නිහාල්ගේ සුදු පාට ලාන්සර් එක පාරේ නතර කරලා
තිබ්බේ. චින්තක ආපු ගමන් දඩ බඩ ගාගෙන වෙඩි තියාගෙන, වෙඩි තියාගෙන ගියා.
මාළු නිහාල්ට හැරෙන්නටත් හම්බ වුණේ නැහැ. ළඟ හිටපු චීනටත් වෙඩි තිබ්බා.
ළඟටම ඔළුව කුඩු වෙන්න මාළු නිහාල්ට චින්තක වෙඩි තිබ්බා. ආමි එකේ කොල්ලා
බයිසිකලේ අරන් ආවා. චින්තක නැග්ගා ගියා. කොහෙන්ද ගියේ කියලවත් හොයා ගන්න
බැරි වුණා.
කෝසල ප්‍රියංකර කදුරුවාන
බොරු අමූලික බොරු
ReplyDelete