මුලින්ම

මුලින්ම කියන්න ඕන වැරදි කරන අයට ඒ වැරදි වලට පලිසන්දෙනවම තමයි..

ඕ.අයි.සී බලන් ඉද්දි සොත්ති උපාලි චින්තක අමරසිංහගෙ කකුල කැඩුවා

ඕ.අයි.සී බලන් ඉද්දි සොත්ති උපාලි චින්තක අමරසිංහගෙ කකුල කැඩුවා

මාදින්නාගොඩ අනිල්ගේ අතුරුදන් වීම, නොයෙල් අමරසිංහගේ ඝාතනය පාතාල කරළිය තුළ සුවිශේෂී කරුණු කාරණා වුවත්, ඒ ආනුභාවයෙන් අරඹවෙලගේ ‍ෙදාන් උපාලි නොහොත් සොත්ති උපාලි දැවැන්ත චරිතයකට පරිවර්තනය වෙමින් තිබිණි. කොළඹ ප්‍රබල දේශපාලනඥයකුගේ කිරිපල්ල අතගාමින්, එකල රටේ ඉහළම සහයෝගයෙන් පාතාලය දෙවනත් කළ සොත්ති උපාලි ආණ්ඩුවේ ලයිසන් අවි ආයුධවලින් වැඩ පෙන්නුවේ පොලිසියේ ඩී. අයි. ජී. මහත්වරුන් මචං ලෙවල් එකෙන් ඇසුරු කරමින්ය.


මාදින්නාගොඩ අනිල්ගේ අතුරුදන් වීම, නොයෙල් අමරසිංහගේ ඝාතනය පාතාල කරළිය තුළ සුවිශේෂී කරුණු කාරණා වුවත්, ඒ ආනුභාවයෙන් අරඹවෙලගේ ‍ෙදාන් උපාලි නොහොත් සොත්ති උපාලි දැවැන්ත චරිතයකට පරිවර්තනය වෙමින් තිබිණි. කොළඹ ප්‍රබල දේශපාලනඥයකුගේ කිරිපල්ල අතගාමින්, එකල රටේ ඉහළම සහයෝගයෙන් පාතාලය දෙවනත් කළ සොත්ති උපාලි ආණ්ඩුවේ ලයිසන් අවි ආයුධවලින් වැඩ පෙන්නුවේ පොලිසියේ ඩී. අයි. ජී. මහත්වරුන් මචං ලෙවල් එකෙන් ඇසුරු කරමින්ය.
නීතියේ ගරුත්වය කකුල් හතරේ තිරිසන් සතකුගේ තත්ත්වයට ඇද දමමින්, ලේවලට මුසුකර ගත් පළිගැනීමේ චේතනාව අමරසිංහ පරම්පරාව හරහා මුදාහරිමින්, සොත්ති උපාලි විසින් තවත් බිහිසුණු පාතාල කතාවකට මූල බීජ වපුරමින් තිබිණි. එම පාතාල කෙතේ සරුසාර ලෙස වැඩෙමින් ලංකා පාතාලය දෙවනත් කළ ප්‍රබල පාතාල චරිත වූවේ කළු අජිත්, චින්තක අමරසිංහ සහ ධම්මික අමරසිංහ යන චරිත ත්‍රිත්වයයි. ආසියාවේ ළාබාලතම අපරාධකාරයා ලෙසින් හංවඩු ගැසුණු චින්තක අමරසිංහ ඝාතනය වන්නේ තම අතිමහත් මිත්‍රයා වූ කළු අජිත් අතින්ය. ඒ මේ පාතාලයේ හැටිය.
නොයෙල් අමරසිංහගේ ඝාතනය සමඟ සොත්ති උපාලිලා සහ අමරසිංහලා අතර ගැටුම දිග්ගැස්සෙන්න හේතු මොනවාද?
නොයෙල් මැරුවට පස්සේ ඒ පවුලේ සොත්ති උපාලිත් එක්ක හැප්පෙන්න කවුරුවත් හිටියෙ නැහැ. ඔය නොයෙල්ගේ අක්කා කෙනෙක් හිටියා ඊවා කියලා. මහා සැර තද චරිතයක්. ගෙදරින් එළියට බහින්නේ 9ථථ පිස්තෝලේ ඉණේ ගහගෙන. ගෑනු කෙනෙක් වුණාට පිරිමින් පරාදයි ඒ චරිතයට.
ඔය ඊවා කියන ගෑනු කෙනාව සොත්ති උපාලි කට්ටියක් එක්ක අරන් ඇවිල්ලා දූෂණය කරලා, යෝනි මාර්ගයට ගල් ඉන්නක් බස්සලා මරනවා. එතකොට ඔය චින්තකලා, ධම්මිකලා ඉස්කෝලේ යන පොඩි කොල්ලෝ. හැබැයි උන් හැමදාම ජීවත් වුණේ අමුතු පරිසරයක. උන් හැමදාම දැක්කෙ ලේ, නැත්නම් පිස්තෝල, කඩු, කිනිසි. හැබැයි චින්තකයි, ධම්මිකයි හොඳට ඉගෙන ගත්තු කොල්ලො දෙන්නෙක්. කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ තමයි ඉගෙන ගත්තේ. ඔය චින්තක අමරසිංහ උසස් පෙළ හොඳට සමත් වෙච්ච කොල්ලෙක්. ඉස්කෝලේ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන්කම පවා කරපු හොඳ ක්‍රීඩකයෙක්. ඒ විතරක් නෙවේ චින්තක ඇවිල්ල ෆාදර් කෙනෙක් වෙන්න හිටපු නිවුණු චරිතයක්. දෛවය ඒ හැම දෙයක්ම වෙනස් කළා. ඔය චින්තකවයි, ධම්මිකවයි පාතාල චරිත දෙකක් කරලා ඔය තත්ත්වයට ඇදලා දැම්මේ සොත්ති උපාලි.
චින්තක අමරසිංහගේ පියා ඝාතනය වෙනවා. ඒක සොත්ති උපාලි අතින් සිදුවුණු ඝාතනයක්ද?
ඔව්. සොත්ති උපාලිලා තමයි චින්තකගේ තාත්තාව මරන්නේ. ඒ නිසා තමයි චින්තකලා සොත්ති උපාලිව මරන්න ගේමට බහින්නේ. චින්තකගේ තාත්තා අහිංසක මනුස්සයෙක්. ඔය සොත්ති උපාලිලා ගහපු මර්ඩර් එකක ඇහෙන් දුටු සාක්‍ෂියක් තමයි චින්තකගේ තාත්තා. චින්තකගේ උපන් දිනය දවසේ තාත්තා ආවා කඩේට චොකලට් එකක් ගන්න. සොත්ති උපාලි ළඟ හිටියා බන්දු කියලා එකෙක්. සොත්ති උපාලි බන්දුට කියලා තමයි කඩේ ළඟදි වෙඩි තියලා චින්තකගේ තාත්තාව මරන්නේ. ඒවා සොත්ති උපාලි කරපු සහගහන අපරාධ. ඊට පස්සෙ තමයි තාත්තා මරපු පළිය ගන්න චින්තකලා, ධම්මිකලා ෆීල්ඩ් එකට බහින්නේ.
ඒත් උන් දෙන්නා දැනගෙන හිටියා සොත්ති උපාලිත් එක්ක හැප්පෙන්න ලේසි නැහැ කියලා. මොකද එතකොට සොත්ති උපාලිට රාජ්‍ය බලය හොඳටම තිබ්බා. සමහරු චින්තකට, ධම්මිකට ඇවිල්ලා කීවා උඹලගේ මාමලටත් එක්ක ලැජ්ජයි, පොන්නයෝ වගේ ගෙදරට වෙලා ඉන්නේ තාත්තා මරපු වුන් මරන්න බැරි වුණා කියලා. ඔය හැම කතාවක්ම චින්තකගේ හිතට කා වැදිලා තිබ්බේ.
සොත්ති උපාලිත් එක්ක ගේමට බැස්සොත් කළු ගලේ ඔළුව ගහගත්තා වගේ වැඩක් කියලා චින්තක අනිවාර්යෙන්ම දැනගෙන හිටියා. ඔය අතරතුරේ තමයි චින්තකට ආමි එකෙන් පැනලා ආපු යළුවෙක් සෙට් වෙන්නේ. උෟ ආමි එකෙන් පැනලා ආවේ වෙපන් එකකුත් අරගෙන. මූ චින්තකට සෙට් වුණා. උෟ තමයි චින්තකට ආයුධ ගහන හැටි, කෑලි ගලවන හැටි කියලා දුන්නේ. ඊට පස්සෙ චින්තක තරයේ හිතා ගත්තා සොත්ති උපාලිව අනිවාර්යෙන්ම මරනවා කියලා. ඒකට චින්තක ලෑස්ති වෙලා හිටියේ. කොහොමහරි සොත්ති උපාලිට ආරංචි වුණා චින්තක ගේමේ ඉන්නේ කියලා. එතකොට සොත්ති උපාලිට කරන්න බැරි දෙයක් නැහැ. පොලිසියේ ලොකු මහත්වරු කන්නේ, බොන්නේ සොත්ති උපාලිත් එක්ක. උපාලි කොම්පඤ්ඤවීදියේ පොලිසියේ ර්ණී. ධ්. ඛ්.ට කියලා චින්තකව ඇරස්ට් කරලා, පොලිසියේ කූඩුවේ රිමාන්ඩ් කෙරෙව්වා.
ඊට පස්සෙ සොත්ති උපාලි පොලිසියට ඇවිල්ලා වෙපන් එක ඇදලා, මම උඹව කූඩුවේ ඇතුළේ ඉඳලා මරන්නේ බලාගනින් කාලකණ්ණියා කියලා කිව්වා. එතකොට
ර්ණී. ධ්. ඛ්. මහත්තයා තමයි කූඩුවේ යතුර අරගෙන කූඩුව ඇරලා දුන්නේ. චින්තකගේ අත්දෙකට මාංචු දාලා තිබ්බේ. ඊට පස්සේ මේස, පුටු කකුලකින් චින්තකට සොත්ති උපාලි හොඳටම පොලිසියේ මහත්වරු බලන් ඉද්දි ගැහැව්වා. ගහලා ගහලා චින්තකගේ කකුලක් කැඩුවා. ඊට පස්සේ ර්ණී. ධ්. ඛ්.ට කතා කරලා කිව්වා මූව බෝම්බයක් දාලා ඇතුළට දාන්න කියලා.
කෝසල ප්‍රියංකර කදුරුවාන

No comments:

Post a Comment