මුලින්ම

මුලින්ම කියන්න ඕන වැරදි කරන අයට ඒ වැරදි වලට පලිසන්දෙනවම තමයි..

චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කිරීමෙන් පසු

සොත්ති උපාලි කළු අජිත්ගෙ අයියව මැරුවා


චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කිරීමෙන් පසු සොත්ති උපාලිගේ ඉහමොළ රත්වන්නට පටන්ගෙන තිබිණි. චින්තක අමරසිංහත් සොත්ති උපාලිත් දෙදෙනාගේ ජීවිතවලට ඉව අල්ලාගෙන සිටියේ පාතාල පොරපිටියේ තවත් ප්‍රබල මරාගැනීමක් සංකේතවත් කරමිනි. එහෙත් සොත්ති උපාලි ඝාතනය කිරීමට චින්තක අමරසිංහට ඉඩ ප්‍රස්තා ඇහිරී ගියේ ඔහුට තිබූ ප්‍රබල රාජ්‍ය රැකවරණය නිසාය. මේ අතර මාළු නිහාල් ඝාතනය කිරීම සඳහා කළු අජිත්, චින්තක අමරසිංහට ඔත්තු සැපයූ බවට අනුමාන කළ සොත්ති උපාලි කළු අජිත් ඝාතනය කිරීමට තීරණය කරමින් තිබිණි.

සොත්ති උපාලි කළු අජිත්ව ඝාතනය කිරීමට පැහැරගෙන යනවා. ඒ සිදුවීම විස්තර කළොත්?
මාළු නිහාල් මරන්න ඔත්තු දුන්නේ කළු අජිත් තමයි කියලා සොත්ති උපාලි හිතාගෙන හිටියේ. සොත්ති උපාලිලා, සෙට් එක ඔබේසේකරපුරට බැහැලා කළු අජිත්ව උස්සාගෙන ගියා. කළු අජිත්ට ගහලා අතපය බැඳලා මරන්න දාලා හිටියේ. කොහොම හරි ඔය කොළොන්නාවේ කසිප්පු සමන්, මෝර සුනිල්ලා, සොත්ති උපාලිගේ අයියා කෙනෙක් හිටියා ඉන්දරේ කියලා. ඔය ඉන්දරේ අයියට ඒගොල්ලෝ කතා කළා. "අර අහිංසක කොල්ලෙක් තමයි උපාලි අරන් ඇවිල්ලා තියෙන්නේ. උෟ චින්තකව අඳුරන්නේ නැහැ. එවන්න කියන්න" කියලා. කොහොම හරි ඔය වචනෙට සලකලා කළු අජිත්ව සොත්ති උපාලි එවලා තිබ්බා. හැබැයි සොත්ති උපාලි කියලා තියෙනවා කළු අජිත්ට, උඹව අත්හැරියට උඹව මරනවා කියලා. ඊට පස්සේ කළු අජිත් කොළොන්නාවේ ඇවිල්ලා තමයි හැංගිලා හිටියේ. ඊට පස්සේ කොහොම හරි කළු අජිත් චින්තක අමරසිංහට සෙට් වුණා. චින්තක ඇතුළට ගියාට පස්සේ චින්තක විසිට් ගිහිල්ලා කුඩු බිස්නස් ලයින් එකක් අල්ලගෙන පොඩි ගේමක් ගහගෙන හිටියා. කොහොම හරි චින්තක, කළු අජිත්ට වෙපන් එකකුත් දුන්නා. සොත්ති උපාලිගෙන් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් බේරෙන්න. ඊට පස්සේ සොත්ති උපාලිගේ කනට ගියා කළු අජිත්, චින්තකත් එක්ක අයිය මල්ලි වගේ ගේමේ ඉන්නේ කියලා. ඇත්තටම ඊට පස්සේ තමයි කළු අජිත් කියන චරිතය ෆෝම් වුණේ. නාවල නිහාල්, කළු අජිත්ව ළඟින් තියාගෙන හිටියේ. ඔය සොත්ති උපාලිගේ අයියා ඉන්දරේව කළු අජිත්ලා මරන්න තීරණය කරනවා. චින්තක, කළු අජිත් එක්ක එකතු වෙලා සොත්ති උපාලිගේ අයියා ඉන්දරේව ආමර්වීදියේ රෙස්ටුරන්ට් එකකදී වෙඩි තියලා මරනවා. ඊට පස්සේ සොත්ති උපාලි ඒකේ පළිය ගන්නේ කළු අජිත්ගේ අයියව මරල. උෟ කිසිම දේකට සම්බන්ධ නැති අහිංසක මනුස්සයෙක්. ඔය විදියට දෙපැත්තෙම මරාගත්තා.

චින්තක අමරසිංහ සිදුකළ තව ඝාතන මොනවද?

මෙහෙමයි. ටික කලක් යනකොට චින්තක අමරසිංහ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වුණා. දකුණු ආසියාවේ ළාබාලම අපරාධකාරයා ලෙස මර්ඩර් රෙකෝඩ් එකක් චින්තක තියලා තිබ්බා. චින්තක කියන්නේ සතපහට විශ්වාස කරන්න බැරි, අවිශ්වාසයක් ආවොත් ළඟ ඉන්න යාළුවා හරි කමක් නැහැ මරලා දාන චරිතයක්. ඒ වගේම චින්තක අමරසිංහගේ මල්ලි ධම්මික අමරසිංහත් ඒ වගේ තමයි. සත පහකට විශ්වාස කරන්න බැරි චරිත. චින්තක ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔය දෙමටගොඩ සිංහ දූපතේ ජයසිරි තමයි චින්තකට උදවු කළේ. කළු අජිත්, චුට්ටා, එම්.කේ. අජිත්, චින්තක, ධම්මික ඔය සෙට් එක එකට හිටියේ. කොහොම හරි චින්තක කොම්පඤ්ඤවීදියේ කොට ගාමිණීගේ කොන්ත්‍රාත්තුවකට ජයසිරි මරන්න තීරණය කරනවා. ඒක හරියට චින්තක තමන්ගේ තාත්තා මැරුව වගේ වැඩක්. මොකද ජයසිරි කියන්නේ චින්තකට ප්‍රශ්න තිබිච්ච කාලේ චින්තකව ආරක්‍ෂා කරලා චින්තකට නමක් හදලා දීපු කෙනා. ඒත් කළු අජිත්ගේ ගෙවල් කිට්ටුව සිංහ දූපතේදී ජයසිරිව වෙඩි තියලා චින්තක මරනවා. ඒ මර්ඩර් එකෙන් චින්තක, කළු අජිත් අතර තිබ්බ ඇයිහොඳයිකම පොඩ්ඩක් පලුදු වුණා. කළු අජිත්, චින්තකගෙන් අහලා තියෙනවා ඇයි ජයසිරි අයියව මැරුවේ කියලා. චින්තක එතකොට කියලා තියෙනවා නැහැ උෟ සර්පයා කියලා. කොහොමහරි ඊට පස්සෙ චින්තකයි, කළු අජිතුයි වැඩි ඇසුරක් තිබ්බේ නැහැ. මම ඇතුළේ ඉන්නකොට මටයි නාවල නිහාල්ටයි කළු අජිත් විසිට් එකක් දැම්මා. හැබැයි නිහාල් විසිට් එකට නැග්ගේ නැහැ. නිහාල්ට ගහන්න කළු අජිත් සැරසිලා ඉන්නවා කියලා නිහාල්ට ආරංචි වෙලා තිබ්බා. ඒ නිසා නිහාල් කළු අජිත්ට ගහන්න බලාගෙන හිටියේ. කළු අජිත් විසිට් එකට නැග්ගට පස්සේ මම කිව්වා තමුසේ මොනවද මේ කරන පිස්සු වැඩ කියලා. මම කිව්වා තමුසෙට ලස්සන ගෑනියෙක් ඉන්නවා. කළු අජිත් බැඳලා හිටියේ ලස්සන දෙමළ කෙල්ලෙක්. ළමයි දෙන්නෙක්ද කොහෙද හිටියා. මම කිව්වා මම තමුසෙට අවවාද තුනක් දෙන්නම්. එක වේස ගෑනු පස්සෙ යන්න එපා, දෙවැනි එක කුලියට මිනීමරන්න හිතන්න එපා. තුන්වැනි එක අනුන්ගේ ඉඩම් කොල්ලකන්න හදන්න එපා මොකද තමුසෙට හෙට අනිද්දා වෙනකොට ටොපියක් කැරකෙනවා. නැත්නම් තමුසේ තමුන්ගේ පාඩුවේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. නැත්නම් රට යනවා.
ඔව් ඇත්ත. මම මොනව හරි තීරණයක් ගන්නවා කියලා කළු අජිත් එදා මට පොරොන්දුවක් දුන්නා.

No comments:

Post a Comment