වෙඩි කාලා පණ අදින කොල්ලො දෙන්නට කළු අජිත් මැරෙන්නම වෙඩි තිබ්බා
චින්තක අමරසිංහ සහ කළු
අජිත් අතර තිබූ ඇයිහොඳයිකම් බැමි පුපුරා යමින් තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ
ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ජීවිතවලට ඉව අල්ලමින් නයි - මුගටි සටනකට පණ
පොවමින් සිටීමයි. චින්තක අමරසිංහ ඝාතනය කිරීමට කළු අජිත්ගේ හිත තුළ
පැලපදියම් වී තිබූ ආශාව සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රබල චිත්ත
ශක්තියක් කළු අජිත්ට තිබුණේ නැත.
චින්තක අමරසිංහ සහ කළු අජිත් අතර තිබූ ඇයිහොඳයිකම් බැමි පුපුරා යමින් තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ජීවිතවලට ඉව අල්ලමින් නයි - මුගටි සටනකට පණ පොවමින් සිටීමයි. චින්තක අමරසිංහ ඝාතනය කිරීමට කළු අජිත්ගේ හිත තුළ පැලපදියම් වී තිබූ ආශාව සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රබල චිත්ත ශක්තියක් කළු අජිත්ට තිබුණේ නැත.
* කළු අජිත් සහ චින්තක අමරසිංහ අතර මීට පෙර ආරවුල් තිබුණා නේද?
මේකෙන් කවුරුවත් හිතුවේ නැහැ චින්තකයි කළු අජිතුයි ඇරගනියි කියලා. ගෑනියි, මිනිහයි වගේනේ හිටියේ. ඔය ජයසිරිට චින්තක ගහන්න ඉස්සෙල්ලා ඒ දෙන්නා අතර ප්‍රශ්න තිබ්බා. දෙන්නා අතර කේස් එක පත්තුවුණේ මේ විදියට. ඔය කළු අජිත්ගේ ගෙදර දවසක් තිබ්බා පාටියක්. ඕකට චින්තකත් ආවා. කළු අජිත්ගේ සෙට් එකේ හිටියා එයාර්ෆෝස් එකේ කොල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නා හවසට ඩියුටි ඕෆ් වෙලා ඇවිල්ලා මුන් එක්ක රොබරි, එක එක ගේම් දිදී හිටියේ. කොහොම හරි මුන් දෙන්නට ගහන්න චින්තකට කන්ට්‍රැක් එකක් ඇවිල්ලා. චින්තක ඒක භාර අරගෙන තිබ්බේ. එදා කළු අජිත්ගේ කොළොන්නාවේ ගෙදර පාටියට එයාර්ෆෝස් එකේ කොල්ලො දෙන්නත් ඇවිල්ලා හිටියේ. පාටියේදී උන් දෙන්නා හොඳට බිව්වා. චින්තක කල්පනා කළා මේක තමයි හොඳම අවස්ථාව මුන් දෙන්නට ගහන්න කියලා. චින්තක අමරසිංහ කියන පුද්ගලයා සිගරැට් එකක්වත් බොන්නේ නැති කෙනෙක්. ඉඳලා ඉඳලා බියර් එකක් බොනවා. ඒකත් කලාතුරකින්. එදා අර කොල්ලෝ දෙන්නා බීලා බයික් එකේ යන්න ගියා. උන් ගිහිල්ලා විනාඩි පහක් නැහැ චින්තක කළු අජිත්ට කීවා මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එන්නම් කියලා. බයික් එකත් අරගෙන ගියා. දැන් හැබැයි කළු අජිත්ට සැකයි ඇයි චින්තක ඉක්මනට ගියේ කියලා. චින්තකට යන්න දීලා පැය භාගෙකට පස්සේ කළු අජිත් බයික් එක ගත්තා චින්තක ගිය පාරේ ගියා. කළු අජිත් බයිසිකලෙන් කිලෝමීටරයක් විතර යනකොට දැක්කා පාරෙන් පැනලා වෙලකට බයික් එක වැටිලා තියෙනවා. බයිසිකලේ ලයිට් එක පත්තුවෙනවා දැක්කා වෙලේ. කළු අජිත් පැදගෙන ආපු මෝටර් සයිකලේ ලයිට් එක ගහල බැලුවා කවුද කියලා. බලනකොට අර එයාර් ෆෝස් එකේ කොල්ලෝ දෙන්නා පණඅදිනවා මැරෙන්න. කළු අජිත් දන්නවා මේ වැඩේ කළේ චින්තක කියලා. දැන් ෆුල් අප්සට් කළු අජිත්ට. කළු අජිත් මොකද කළේ. අර පණඅදින එයාර්ෆෝස් කොල්ලෝ දෙන්නට වෙපන් එක අරගෙන මැරෙන්න වෙඩි තිබ්බා. වෙඩි තියලා ගෙදර ඇවිල්ලා කල්පනා කළා චින්තක කරපු සක්කිලි වැඩේ ගැන. මොකද එකට කකා බිබී හිටපු කොල්ලෝ දෙන්නනේ. එදා තමයි චින්තක කියන පුද්ගලයා සත පහකට විශ්වාස කරන්න බැරි අමුතු මිනිහෙක් කියලා කළු අජිත් තේරුම් ගත්තේ.
එදායින් පස්සේ කළු අජිත්, චින්තකත් එක්ක ඩීල් කළේ බොහෝම පරිස්සමෙන්. ඔහොම ඉන්නකොට දැන් කළු අජිත්ගේ නමත් ලංකාවේ ප්‍රසිද්ධයි. චින්තක අමරසිංහගේ නමත් ලංකාවේ ප්‍රසිද්ධයි. චින්තක කැමැති නැහැ කවුරුත් එක වෙනවට. චින්තකට ඕනේ එක. ඒ ගමනට කවුරු හරි බාධාවක් වෙනව නම් කිසි බැලිල්ලක් නැහැ ගහලා දැම්මා. ඒක චින්තකගේ හැටි. ඒ කාලේ කළු අජිත් හිටියේ නාවල නිහාල්ගේ ළඟ නිසා ෆුල් ෆෝම් එකේ හිටියේ. කළු අජිත් මාවත් කපාගෙන ඉස්සරහට ඒවි, ඒ නිසා අජිත්ට ගහන්න ඕනේ කියලා චින්තක කල්පනා කළා. කළු අජිත්ට ගහන ප්ලෑන් දෙක තුනක් චින්තකගේ අතින් මිස් වුණා. ඔය තොටළඟ තමයි චින්තකලාගේ රාජධානිය. තොටළඟ හන්දියේ මාළු ලෑල්ල අයිති ගෑනිගේ දුව තමයි චින්තක තියාගෙන හිටියේ. දවසක් තොටළඟ ෆුට්බෝල් මැච් එකක් තිබ්බා. ඒ කාලේ මැච් එකක් තිබ්බම ඔය ඔක්කොම වැඩ්ඩෝ කට්ටියත් එක්ක බහිනවා කලර්ස් එකට. කොහොම හරි එදා තොටළඟ මැච් එක බලන්න චින්තක කට්ටියත් එක්ක ඇවිල්ලා හිටියේ. දැන් කළු අජිතුත් මැච් එක බලන්න එනවා කියලා චින්තක දන්නවා. එදා චින්තක ප්ලෑන් කළා මැච් එක බලන්න ආවාම කළු අජිත්ටයි, සෙට් එකටයි ගහලා දාන්න. චින්තක කිව්වා අරූ මැච් එක බලන්න ඒවි ලෑස්ති වෙලා හිටපන් කියලා. කොහොමහරි චින්තකගේ සෙට් එකේ කොල්ලෙක් කෝල් කරලා කළු අජිත්ට කිව්වා එන්න එපා අයියේ චින්තක ගහන්න සෙට් වෙලා ඉන්නේ කියලා. කළු අජිත් මොකද කළේ චින්තක ඉන්න තැනට වෑන් එකෙන් කොල්ලෙක් ඇරියා තත්ත්වේ බලාගෙන එන්න කියලා. චින්තක දැක්කා අෑත ඉඳලා කළු අජිත්ගේ වෑන් එක එනවා. චින්තක කොල්ලන්ට කීවා වෑන් එක වට කරන්න කියලා. උන් වෑන් එකට ඔළුව දාලා කෝ අජිත් අයියා ආවේ නැද්ද කියලා ඇහැව්වා. වෑන් එකේ ආපු කොල්ලා කීවා, මම හිතුවේ ඇවිල්ලා ඇති කියලා. සරත් අයියාගේ කාර් එකෙන් ආවනේ කියලා බොරුවක් කියලා වෑන් එක හරවගෙන ගියා. උෟ ගිහිල්ල කළු අජිත්ට කිව්වා අයියේ පුදුම විදියට අද බේරුණේ. අද ගියා නම් ෂුවර් එකටම ගහන්න ලෑස්ති වෙලා උන් හිටියේ කියලා.
ඊට පස්සේ කළු අජිත් කල්පනා කළා චින්තක අනිවාර්යයෙන්ම දැන් මට ගහනවා ඊට ඉස්සෙල්ලා චින්තකට ගහන්න ඕනේ කියලා. චුට්ටත් එක්ක එකතු වෙලා චින්තකට ගහන විදිය ප්ලෑන් කළා.
කෝසල කදුරුවාන
No comments:
Post a Comment