මුලින්ම

මුලින්ම කියන්න ඕන වැරදි කරන අයට ඒ වැරදි වලට පලිසන්දෙනවම තමයි..

ජේ.ආර්.ගෙ ගෙදර කෑම ඉව්වෙ සොත්ති උපාලිගෙ අම්මා

ජේ.ආර්.ගෙ ගෙදර කෑම ඉව්වෙ සොත්ති උපාලිගෙ අම්මා

සදාචාර හෙවණැල්ලට මුවා වෙමින්, මල් වට්ටි අරන් සාදුකාර දිදී, නිවන්පුරේ රුවන් ‍ෙදාරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, අතුරු ප්‍රතිඵලයක් ලෙස උපන් පාතාලය තුළ කරණම්, බල්ටි, විසිල් ගසමින් දේශපාලනය සහ පාතාලය අතර සබැඳියාව මොනවට පැහැදිලි කළ ප්‍රබල පාතාල චරිතයක් වූයේ අරඹවෙලගේ ‍ෙදාන් උපාලි නොහොත් සොත්ති උපාලිය. ආණ්ඩුවේ ලයිසන් ආයුධවලින් වැඩ පෙන්වමින් සොත්ති උපාලි තමන් නමින් තවත් අලුත් පාතාල කතාවක කතා නායකයා බවට පත් වූ ඉතිහාසය අපට අමතක නොවේ.





සදාචාර හෙවණැල්ලට මුවා වෙමින්, මල් වට්ටි අරන් සාදුකාර දිදී, නිවන්පුරේ රුවන් ‍ෙදාරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, අතුරු ප්‍රතිඵලයක් ලෙස උපන් පාතාලය තුළ කරණම්, බල්ටි, විසිල් ගසමින් දේශපාලනය සහ පාතාලය අතර සබැඳියාව මොනවට පැහැදිලි කළ ප්‍රබල පාතාල චරිතයක් වූයේ අරඹවෙලගේ ‍ෙදාන් උපාලි නොහොත් සොත්ති උපාලිය. ආණ්ඩුවේ ලයිසන් ආයුධවලින් වැඩ පෙන්වමින් සොත්ති උපාලි තමන් නමින් තවත් අලුත් පාතාල කතාවක කතා නායකයා බවට පත් වූ ඉතිහාසය අපට අමතක නොවේ.
නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලි, අවසානයේ රජ මැඳුරේ පාතාල කවට අන්දරේ චරිතයට පණ පෙව්වේ එකල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සුවච කීකරු ගෝලයා වූ නිසාවෙනි. පොලිසියේ ඩී.අයි.ජී. මහත්වරු පවා උපාලිට සර් කියන වාතාවරණයකදී සදාචාරය, හැදියාව සමාජය තුළින් පෑළ‍ෙදාරෙන් පැන යමින් තිබිණි. එකල රජයේ ප්‍රබලයෙක් සොත්ති උපාලිට කතා කළේ ළමයා කියාය. ඒ ළමයා මුරණ්ඩු කළේ මේ දේශපාලකයාය. මුරණ්ඩු වුණු ඒ ළමයා අවසානයේ ලංකා පාතාලයේ තවත් පදාසයක ප්‍රබල හිමිකරුවා බවට පත්විය. ලංකා පාතාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස නම් වුණු කොස්වත්තගේ ‍ෙදාන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගේ පාතාලයේ සංක්‍රාන්ති සමය ඉතාලිය තුළ ගෙවී යද්දී, එයට දෙවැනි නොවෙමින් ලුණු, මිරිස්, ඇඹුල් ඇතිව මෙරට පාතාලය පොහොසත් කළේ සොත්ති උපාලිය.
ලංකා පාතාල ඉතිහාසයේ වෙනම පදාසයක හිමිකරු වූ සොත්ති උපාලි පාතාල දේශපාලන සබැඳියාවේ තවත් නිරුවත් පැතිකඩක් පමණි. ඒ සොත්ති උපාලි කවුදැයි යන්න පිළිබඳ ඔහුගේ සමීපතමයකු සමඟ කළ සංවාදයකි මේ.
 සොත්ති උපාලිගේ මූලාරම්භය ගැන කතා කළොත්?
සොත්ති උපාලිගේ ගම නාරාහේන්පිට හැටේවත්ත. උපාලි ෆීල්ඩ් එකට එන්න ඉස්සෙල්ලා උපාලිගේ අයිය තමයි වැඩකාරයා. එයාගේ නම ඉන්දරේ. එයා ව්‍යාපාරය වශයෙන් කළේ කසිප්පු බිස්නස් එක. උපාලිගේ පවුලේ හතරදෙනයි. උපාලි, ඉන්දරේ, ජයන්ත. තව උපාලිට අක්කා කෙනෙක් හිටියා. හැටේවත්තෙදී කට්ටියක් බෝම්බ ගහලා ඉන්දරේව මැරුවා.
කවුද ඉන්දරේට බෝම්බ ගහලා මැරුවේ?
ඒකනම් මම හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිතුවේ ඒක ඔබේසේකරපුර නොයෙල් අමරසිංහගේ වැඩක් කියලා.
කොහොමද සොත්ති උපාලි පාතාලෙට අවතීර්ණ වෙන්නෙ?
ඇත්තෙන්ම සොත්ති උපාලි මුලින්ම පාතාල චරිතයක් නෙවෙයි. මුලින්ම කළේ පිඩලි විකුණන එක තමයි. හැබැයි උපාලිව කවුරුහරි එක සැරයක් දැක්කොත් තව සැරයක් උපාලි දිහා බලනවා. පුදුම ආකර්ෂණ කඩවසම් පෙනුමක් උපාලිට තිබ්බා. හරියට විජය කුමාරණතුංග වගේ. ඕන කෙනෙක් ළඟ කැපිලා පේන රූපයක් උපාලිට තිබ්බා. උපාලිව පාතාල චරිතයක් කළේ දේශපාලකයෝ. උපාලිගෙන් හොඳට ඒගොල්ලො වැඩ ගත්තා.
 සොත්ති උපාලිට කොහොමද දේශපාලන සම්බන්ධතා ගොඩනැඟෙන්නේ?
සොත්ති උපාලිගේ අයිය, ඉන්දරේගේ කාලේ ඉඳලා ඒගොල්ලොන්ට බලවත් දේශපාලන සම්බන්ධතා තිබුණා. සොත්ති උපාලිගෙ අම්ම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ගෙදර වැඩ කළේ. ඒ කියන්නේ උයන, පිහින දේවල් කළේ එයා තමයි. උපාලිගේ අම්මා උදේට එක්කරගෙන යන්න වාහනයක් ගෙදරට එනවා. හවසට ඇරලවන්නත් වාහනයක් එනවා. හැබැයි ටික, ටික යනකොට ඒ සම්බන්ධතා බිඳ වැටුණා.
සොත්ති උපාලිට දේශපාලන සම්බන්ධතා ගොඩනැඟුණේ, මැනිං ටවුන්වල හිටියා නිවාස අධිකාරියේ ලොකු මහත්තයෙක්. එයා හරහා තමයි එයා අර දේශපාලකයා එක්ක සම්බන්ධ වෙන්නේ. අර දේශපාලකයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. එයා කොළඹ නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනකොට, මුළු ඡන්ද කැම්පේන් එකම භාර අරගෙන වැඩ කළේ සොත්ති උපාලි. ඒ ඡන්දෙදී උපාලි බැහැලා කොල්ලොත් එක්ක ෆුල් ගේමක් දුන්නා. එයා නගරාධිපති වුණාට පස්සේ තමයි, සොත්ති උපාලිට වාසනාව ඉල්ලමක් පෑදෙනවා වගේ පෑදුණේ. ඒ කාලේ නගරාධිපති එයාගේ නිල නිවාසේ පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ නිල නිවෙසේ පදිංචි වෙලා හිටියේ සොත්ති උපාලි. ඊට පස්සේ උපාලිට නගර සභාවේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ පිළිසකර කරන  කොන්ත්‍රාත්තුව හම්බ වුණා. අර දේශපාලකයා ඇමැතිවරයෙක් වුණාට පස්සේ නිල නොලත් නියෝජ්‍ය ඇමැතිවරයා වගේ උපාලි හිටියේ. මට මතක හැටියට ලංකාවේ පළමුවැනි ගම් උදාව තිබ්බේ 1982 නිකවැරටියේ. ඒක වටකරලා ටකරං ගහන එක, පිඩලි අල්ලන එක මේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණේ උපාලිට. ඊට පස්සෙ ගම් උදා හැම එකකම වගේ කොන්ත්‍රාත්තු ගන්නෙ සොත්ති උපාලි තමයි. හැබැයි ඒ වැඩ සොත්ති උපාලි නීට් එකට කළා. ඒ නිසා අර ඇමැතිවරයාට පුළුවන් වුණා උපාලිව ඩිරෙක්ට් ලොක්කට සම්බන්ධ කරන්න. ඒකෙදි ලොක්කගෙන් සොත්ති උපාලිට සැලකිල්ලක් තිබ්බා.
 සොත්ති උපාලියි පොලිසියයි අතර තිබ්බ සම්බන්ධතාව කොයි වගේද?
මේකනේ. මම මේ රටේ ලොක්කා ළඟ ඉන්නකොට මගෙ ළඟට ඕනෙ කෙනෙක් එනවානේ වැඩ කරගන්න. පොලිසියේ ලොකු මහත්වරු උපාලිත් එක්ක එකට කෑවා බිව්වා. ඒ විතරක් නෙවේ පොලිසිය කට්ටිය පැහැරගෙන ගියේ සොත්ති උපාලිගේ වාහනවලින්. අනිත් එක සොත්ති උපාලිට ආයුධ දුන්නේ ආණ්ඩුවෙන්. උපාලිට ගෙයක් හම්බ වුණා නිවාස අධිකාරියෙන්. ඒක තිබ්බෙ ගෝතමී රෝඩ් එකේ. සොත්ති උපාලි එහේ වධකාගාරයක් පවත්වාගෙන ගියා. ඔය ජ.වි.පෙ. ට සම්බන්ධ ගොඩාක් කට්ටිය හිටියේ එහේ රඳවලා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණු දවසට පස්සේ දවසේ කිරුළපන මුගලන් පාරේ රඝු කියලා කොල්ලෙක්ව මරල දාල තිබ්බා. ඒ කොල්ලා හිටියේ ඒ වධකාගාරයේ තියාගෙන. උෟ යාපනේ ඉඳලා රට යන්න ආපු කොල්ලෙක්.
 සොත්ති උපාලි හා නොයෙල් අමරසිංහ අතර ගැටුම ලංකා පාතාලේ ලොකු මරා ගැනිල්ලක් මොකක්ද ඒකට හේතුව?.
කසිප්පු බිස්නස් එක අතර තිබ්බ පලහිලව්, එතකොට තව, තව ප්‍රශ්න තිබ්බා ඔය ඉස්සර නොයෙල් අමරසිංහට කිව්වේ මාස්ටර් බේ්‍රව් කියලා. කසිප්පු බිස්නස් එකේදි මේ ගොල්ලෝ දෙපැත්තට කැඩිලා හිටියේ. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජිත්, තේසා සුනිල්, සොත්ති උපාලි එක සෙට් එකක්. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ සුදා අනෙක් සෙට් එක. ඔය සෙට් දෙක තමයි හැප්පුණේ. ඔය මාදින්නාගොඩ අනිල් දවසක් නොයෙල් අමරසිංහලාගේ ඔබේසේකරපුර සක්කිලි වත්තට බැහැලා 16 දෙනෙක් එක තැන කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සෙ තමයි ගේම ඇවිළුණේ. නොයෙල්ලා ඊට පස්සේ රංජිව වෙඩි තියලා මැරුවා. ඒකට නොයෙල් රිමාන්ඩ් වුණා. නොයෙල්ව රිමාන්ඩ් එකේදි මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්ලා ෆුල් බකප් එක දුන්නා. කොටියාගොඩ නිහාල් නඩුවක් අතින් දාගෙන වැලිකඩ හිරගෙදරට ගියේ නොයෙල්ව මරන්න. විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9 මි.මී. වෙපන් එකකුත් ඇතුළට ගියා. ඒ වෙපන් එකෙන් තමයි නොයෙල් අමරසිංහ වෙඩි තියලා මැරුවේ. ඒක ලංකාවේ හිරගෙයක් ඇතුළේ වෙච්ච පළමුවැනි මර්ඩර් එක.
එතකොට ගෝනවල සුනිල් හා සොත්ති උපාලි අතර සම්බන්ධතාවක් තිබ්බේ නැද්ද?
නැහැ. උපාලි ෆෝම් වෙන කාලේ වෙනකොට ගෝනවල සුනිල් හිටියෙ නැහැ. එතකොට ගෝනවල සුනිල් යුනිට් එකකින් අරන් ගිහිල්ලා මරලා දාලා තිබ්බා. සොත්ති උපාලි ආශ්‍රය කළා ගෝනවල සුනිල්ගේ අයියා. රංජි අයියා එයා තමයි මරදානේ ශාලිමාර් එක කළේ. ඒකේ අයිතිකාරයාව බයකරගෙන රංජි අයියා ඒ කාලේ ඒක බලෙන් පවත්වාගෙන ගියේ.
 සොත්ති උපාලි හා චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ අතර ගැටුමක් නිර්මාණය වෙනවා නේද?
චින්තක, ධම්මික අයියයි මල්ලියි. ඒගොල්ලොන්ට නොයෙල් අමරසිංහ වෙන්නේ මාමා. ඒ කියන්නේ අම්මගේ මල්ලී. උන් දෙන්නා පොඩි කොල්ලෝ. ඔය පාතාල තත්ත්වයට චින්තක අමරසිංහ, ධම්මික අමරසිංහ ඇදලා දැම්මේ සොත්ති උපාලි. මොකද උන්ට දෙන්න ඕන හැම වධයක්ම උපාලි උන්ට දුන්නා. නැත්නම් ඔය චින්තක අමරසිංහ කියන්නේ ෆාදර් කෙනෙක් වෙන්න හිටපු කෙනෙක්.
 චින්තක අමරසිංහව පසු කාලීනව ඝාතනයට ලක්වෙනවා. එතකොට ඒ ඝාතනය සොත්ති උපාලි අතින් සිදුවූ දෙයක්ද?
නැහැ. හැබැයි සොත්ති උපාලි ෆුල් ට්‍රයි කළා චින්තකවයි, ධම්මිකවයි මරන්න. චින්තකට මීගමුව උසාවිය ළඟදි සොත්ති උපාලිලා වෙඩි තිබ්බා. චින්තක එතැනදී බේරුණා. චින්තක මැරුණේ නාවල නිහාල්ගේ කේස් එකකට. චින්තකව මැරුවේ කළු අජිත්ලා. මොකද චින්තක කොල්ලුපිටියේ නාවල නිහාල් කප්පම් ගන්න තැනකින් ලක්‍ෂ පනහක් ඉල්ලලා තිබ්බා. ඔන්න ඔය ප්‍රශ්නයකට තමයි චින්තක මැරුණේ.
 කාලයත් එක්ක සොත්ති උපාලිගේ බලය සෝදාපාළුවට ලක්වෙනවා. අවසානයේ ඔහු මහ පාරේ සරල ලෙස ඝාතනය වෙනවා.
සොත්ති උපාලිට දේශපාලන බලය නැතිවෙලා යනකොට උපාලි ගොඩාක් අසරණ වුණා. අන්තිමට ඉතිරි වුණේ හම විතරයි. හැමතැනින්ම උපාලිව මරන්න බලාගෙන හිටියේ. අන්තිමේට අඩුම තරමේ උසාවි යන්න ත්‍රීවීල් එකක් නැති වුණා. මීගමුව ඉඳලා නඩුවකට උසාවි ගිහිල්ලා, පිළියන්දල, බෝකුන්දර හන්දියේදී බස් එකෙන් බැහැලා ත්‍රීවීල් එකකට නඟිනකොටම උපාලිට වෙඩි තියලා මරල දැම්මා. මීගමුවෙ ඉඳලම සොත්ති උපාලිව ෆලෝ කරලා තියෙනවා.
ඇත්තටම සොත්ති උපාලිව මැරුවේ කවුද?
මම, හිතන විදියට සොත්ති උපාලිව මැරුවේ ධම්මික අමරසිංහ.
කෝසල ප්‍රියංකර කදුරුවාන
ජේ.ආර්.ගෙ ගෙදර කෑම ඉව්වෙ සොත්ති උපාලිගෙ අම්මා
සදාචාර හෙවණැල්ලට මුවා වෙමින්, මල් වට්ටි අරන් සාදුකාර දිදී, නිවන්පුරේ රුවන් ‍ෙදාරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, අතුරු ප්‍රතිඵලයක් ලෙස උපන් පාතාලය තුළ කරණම්, බල්ටි, විසිල් ගසමින් දේශපාලනය සහ පාතාලය අතර සබැඳියාව මොනවට පැහැදිලි කළ ප්‍රබල පාතාල චරිතයක් වූයේ අරඹවෙලගේ ‍ෙදාන් උපාලි නොහොත් සොත්ති උපාලිය. ආණ්ඩුවේ ලයිසන් ආයුධවලින් වැඩ පෙන්වමින් සොත්ති උපාලි තමන් නමින් තවත් අලුත් පාතාල කතාවක කතා නායකයා බවට පත් වූ ඉතිහාසය අපට අමතක නොවේ.
නාරාහේන්පිට, හැටේවත්ත සහ මැනිං ටවුමේ සිල්පර කොටන් මතින් ගෙවී ගිය මුඩුක්කු පරිසරය තුළ හැදී වැඩුණු උපාලි, අවසානයේ රජ මැඳුරේ පාතාල කවට අන්දරේ චරිතයට පණ පෙව්වේ එකල ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයකුගේ සුවච කීකරු ගෝලයා වූ නිසාවෙනි. පොලිසියේ ඩී.අයි.ජී. මහත්වරු පවා උපාලිට සර් කියන වාතාවරණයකදී සදාචාරය, හැදියාව සමාජය තුළින් පෑළ‍ෙදාරෙන් පැන යමින් තිබිණි. එකල රජයේ ප්‍රබලයෙක් සොත්ති උපාලිට කතා කළේ ළමයා කියාය. ඒ ළමයා මුරණ්ඩු කළේ මේ දේශපාලකයාය. මුරණ්ඩු වුණු ඒ ළමයා අවසානයේ ලංකා පාතාලයේ තවත් පදාසයක ප්‍රබල හිමිකරුවා බවට පත්විය. ලංකා පාතාලයේ 'ගෝඩ් ෆාදර්' ලෙස නම් වුණු කොස්වත්තගේ ‍ෙදාන් ඩොනල්ඩ් නිහාල් වික්‍රමසිංහ නොහොත් නාවල නිහාල්ගේ පාතාලයේ සංක්‍රාන්ති සමය ඉතාලිය තුළ ගෙවී යද්දී, එයට දෙවැනි නොවෙමින් ලුණු, මිරිස්, ඇඹුල් ඇතිව මෙරට පාතාලය පොහොසත් කළේ සොත්ති උපාලිය.
ලංකා පාතාල ඉතිහාසයේ වෙනම පදාසයක හිමිකරු වූ සොත්ති උපාලි පාතාල දේශපාලන සබැඳියාවේ තවත් නිරුවත් පැතිකඩක් පමණි. ඒ සොත්ති උපාලි කවුදැයි යන්න පිළිබඳ ඔහුගේ සමීපතමයකු සමඟ කළ සංවාදයකි මේ.
සොත්ති උපාලිගේ මූලාරම්භය ගැන කතා කළොත්?
සොත්ති උපාලිගේ ගම නාරාහේන්පිට හැටේවත්ත. උපාලි ෆීල්ඩ් එකට එන්න ඉස්සෙල්ලා උපාලිගේ අයිය තමයි වැඩකාරයා. එයාගේ නම ඉන්දරේ. එයා ව්‍යාපාරය වශයෙන් කළේ කසිප්පු බිස්නස් එක. උපාලිගේ පවුලේ හතරදෙනයි. උපාලි, ඉන්දරේ, ජයන්ත. තව උපාලිට අක්කා කෙනෙක් හිටියා. හැටේවත්තෙදී කට්ටියක් බෝම්බ ගහලා ඉන්දරේව මැරුවා.
කවුද ඉන්දරේට බෝම්බ ගහලා මැරුවේ?
ඒකනම් මම හරියට දන්නේ නැහැ. හැබැයි ගොඩාක් කට්ටිය හිතුවේ ඒක ඔබේසේකරපුර නොයෙල් අමරසිංහගේ වැඩක් කියලා.
කොහොමද සොත්ති උපාලි පාතාලෙට අවතීර්ණ වෙන්නෙ?
ඇත්තෙන්ම සොත්ති උපාලි මුලින්ම පාතාල චරිතයක් නෙවෙයි. මුලින්ම කළේ පිඩලි විකුණන එක තමයි. හැබැයි උපාලිව කවුරුහරි එක සැරයක් දැක්කොත් තව සැරයක් උපාලි දිහා බලනවා. පුදුම ආකර්ෂණ කඩවසම් පෙනුමක් උපාලිට තිබ්බා. හරියට විජය කුමාරණතුංග වගේ. ඕන කෙනෙක් ළඟ කැපිලා පේන රූපයක් උපාලිට තිබ්බා. උපාලිව පාතාල චරිතයක් කළේ දේශපාලකයෝ. උපාලිගෙන් හොඳට ඒගොල්ලො වැඩ ගත්තා.
සොත්ති උපාලිට කොහොමද දේශපාලන සම්බන්ධතා ගොඩනැඟෙන්නේ?
සොත්ති උපාලිගේ අයිය, ඉන්දරේගේ කාලේ ඉඳලා ඒගොල්ලොන්ට බලවත් දේශපාලන සම්බන්ධතා තිබුණා. සොත්ති උපාලිගෙ අම්ම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයාගේ ගෙදර වැඩ කළේ. ඒ කියන්නේ උයන, පිහින දේවල් කළේ එයා තමයි. උපාලිගේ අම්මා උදේට එක්කරගෙන යන්න වාහනයක් ගෙදරට එනවා. හවසට ඇරලවන්නත් වාහනයක් එනවා. හැබැයි ටික, ටික යනකොට ඒ සම්බන්ධතා බිඳ වැටුණා.
සොත්ති උපාලිට දේශපාලන සම්බන්ධතා ගොඩනැඟුණේ, මැනිං ටවුන්වල හිටියා නිවාස අධිකාරියේ ලොකු මහත්තයෙක්. එයා හරහා තමයි එයා අර දේශපාලකයා එක්ක සම්බන්ධ වෙන්නේ. අර දේශපාලකයා කියන්නේ කවුද කියලා කියන්න ඕනේ නැහැනේ. එයා කොළඹ නගරාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙනකොට, මුළු ඡන්ද කැම්පේන් එකම භාර අරගෙන වැඩ කළේ සොත්ති උපාලි. ඒ ඡන්දෙදී උපාලි බැහැලා කොල්ලොත් එක්ක ෆුල් ගේමක් දුන්නා. එයා නගරාධිපති වුණාට පස්සේ තමයි, සොත්ති උපාලිට වාසනාව ඉල්ලමක් පෑදෙනවා වගේ පෑදුණේ. ඒ කාලේ නගරාධිපති එයාගේ නිල නිවාසේ පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ නිල නිවෙසේ පදිංචි වෙලා හිටියේ සොත්ති උපාලි. ඊට පස්සේ උපාලිට නගර සභාවේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණා. මුලින්ම ජාතික රූපවාහිනියේ පිළිසකර කරන කොන්ත්‍රාත්තුව හම්බ වුණා. අර දේශපාලකයා ඇමැතිවරයෙක් වුණාට පස්සේ නිල නොලත් නියෝජ්‍ය ඇමැතිවරයා වගේ උපාලි හිටියේ. මට මතක හැටියට ලංකාවේ පළමුවැනි ගම් උදාව තිබ්බේ 1982 නිකවැරටියේ. ඒක වටකරලා ටකරං ගහන එක, පිඩලි අල්ලන එක මේ හැම කොන්ත්‍රාත්තුවක්ම හම්බ වුණේ උපාලිට. ඊට පස්සෙ ගම් උදා හැම එකකම වගේ කොන්ත්‍රාත්තු ගන්නෙ සොත්ති උපාලි තමයි. හැබැයි ඒ වැඩ සොත්ති උපාලි නීට් එකට කළා. ඒ නිසා අර ඇමැතිවරයාට පුළුවන් වුණා උපාලිව ඩිරෙක්ට් ලොක්කට සම්බන්ධ කරන්න. ඒකෙදි ලොක්කගෙන් සොත්ති උපාලිට සැලකිල්ලක් තිබ්බා.
සොත්ති උපාලියි පොලිසියයි අතර තිබ්බ සම්බන්ධතාව කොයි වගේද?
මේකනේ. මම මේ රටේ ලොක්කා ළඟ ඉන්නකොට මගෙ ළඟට ඕනෙ කෙනෙක් එනවානේ වැඩ කරගන්න. පොලිසියේ ලොකු මහත්වරු උපාලිත් එක්ක එකට කෑවා බිව්වා. ඒ විතරක් නෙවේ පොලිසිය කට්ටිය පැහැරගෙන ගියේ සොත්ති උපාලිගේ වාහනවලින්. අනිත් එක සොත්ති උපාලිට ආයුධ දුන්නේ ආණ්ඩුවෙන්. උපාලිට ගෙයක් හම්බ වුණා නිවාස අධිකාරියෙන්. ඒක තිබ්බෙ ගෝතමී රෝඩ් එකේ. සොත්ති උපාලි එහේ වධකාගාරයක් පවත්වාගෙන ගියා. ඔය ජ.වි.පෙ. ට සම්බන්ධ ගොඩාක් කට්ටිය හිටියේ එහේ රඳවලා. ලලිත් ඇතුලත්මුදලි මහත්තයා මැරුණු දවසට පස්සේ දවසේ කිරුළපන මුගලන් පාරේ රඝු කියලා කොල්ලෙක්ව මරල දාල තිබ්බා. ඒ කොල්ලා හිටියේ ඒ වධකාගාරයේ තියාගෙන. උෟ යාපනේ ඉඳලා රට යන්න ආපු කොල්ලෙක්.
සොත්ති උපාලි හා නොයෙල් අමරසිංහ අතර ගැටුම ලංකා පාතාලේ ලොකු මරා ගැනිල්ලක් මොකක්ද ඒකට හේතුව?.
කසිප්පු බිස්නස් එක අතර තිබ්බ පලහිලව්, එතකොට තව, තව ප්‍රශ්න තිබ්බා ඔය ඉස්සර නොයෙල් අමරසිංහට කිව්වේ මාස්ටර් බේ්‍රව් කියලා. කසිප්පු බිස්නස් එකේදි මේ ගොල්ලෝ දෙපැත්තට කැඩිලා හිටියේ. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජිත්, තේසා සුනිල්, සොත්ති උපාලි එක සෙට් එකක්. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ සුදා අනෙක් සෙට් එක. ඔය සෙට් දෙක තමයි හැප්පුණේ. ඔය මාදින්නාගොඩ අනිල් දවසක් නොයෙල් අමරසිංහලාගේ ඔබේසේකරපුර සක්කිලි වත්තට බැහැලා 16 දෙනෙක් එක තැන කපලා කොටලා වෙඩි තියලා මරලා දැම්මා. ඊට පස්සෙ තමයි ගේම ඇවිළුණේ. නොයෙල්ලා ඊට පස්සේ රංජිව වෙඩි තියලා මැරුවා. ඒකට නොයෙල් රිමාන්ඩ් වුණා. නොයෙල්..

මූණට මූණ වෙඩි තියා ගමු බැහැපන් යකෝ එළියට

මූණට මූණ වෙඩි තියා ගමු බැහැපන් යකෝ එළියට

ලංකා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ පාතාල සම්ප්‍රාප්තිය සොයා යෑමේදී මට හමු වූ කළු මහත්තයා විවර කළ තවත් සුවිශේෂී චරිතයක් වූයේ නාවල නිහාල්ගේ මල්ලී කෙනෙක් වූ එරික්ය. තවමත් එරික් ගැන කළු මහත්තයාගේ කතාව අවසන්වී නැත.



ලංකා පාතාලයේ ගෝඩ්ෆාදර් වූ නාවල නිහාල්ගේ පාතාල සම්ප්‍රාප්තිය සොයා යෑමේදී මට හමු වූ කළු මහත්තයා විවර කළ තවත් සුවිශේෂී චරිතයක් වූයේ නාවල නිහාල්ගේ මල්ලී කෙනෙක් වූ එරික්ය. තවමත් එරික් ගැන කළු මහත්තයාගේ කතාව අවසන්වී නැත.
ඔය නාවල නිහාල්ගේ පවුලේ මුලින්ම ආයුධයක් අතගෑවේ එරික්. ඔය කළු අජිත් මුලින්ම ආවේ නාවල නිහාල් හොයාගෙන නෙවෙයි එරික් හොයාගෙන. එරික් තමයි කළු අජිත්ට පිස්තෝලයක් දෙන්නේ ඔය සොත්ති උපාලිගෙයි අජිත් අතරයි තිබ්බ ප්‍රශ්න විසඳගන්න. ඒ කාලේ හිටපු ඔක්කොම හොඳ වැඩකාරයෝ එරික්ට පුදුම බයක් තිබ්බේ. ඔය ඔබේසේකරපුර නොයෙල් අමරසිංහ කියන්නේ හිටපු හොඳම වැඩකාරයානේ. නොයෙලුත් ඔළුව පාත්කරගෙන හිටියේ එරික්ට.
ඔබ සහ නොයෙල් අමරසිංහ අතර සම්බන්ධතාවක් තිබ්බද?
නැහැ. මහ ලොකු සම්බන්ධතාවක් තිබ්බේ නැහැ. හැබැයි දන්නවා. කට පුරා මට කළු මහත්තයා කියලා කතා කරනවා. මැරෙන්න සතියකට කලින් මට නොයෙල් අමරසිංහ වැලිකඩ හිරගෙදරදි හම්බුවෙනවා. නොයෙල් ඇතුළට ආවේ මාදින්නාගොඩ උපාලිගේ මර්ඩර් එකට. නොයෙල් ඇතුළට ආවේ කිහිලිකරු දෙකෙන්. මම එතකොට දැනගෙන හිටියා නොයෙල්ව ඇතුළෙදී අනිවාර්යයෙන්ම මරනවා කියලා. මම එනකොටම නොයෙල්ට කිව්වා තමුසෙට ඇතුළේ ප්‍රශ්නයක් තියෙනවා. තමුසේ ස්පෙෂල් වැහෙනවා කියලා. නොයෙල් මට කීවා කොහොමද කළු මහත්තයා මම ස්පෙෂල් වැහෙන්නේ අපි පොඩි කාලේ ඉඳලම හිර ගෙවල්වල බැහැපු මිනිස්සු, එක එකාට බයේ පුළුවන්ද මට ස්පෙෂල් වැහෙන්න කියලා. එහෙම කියලා සතියක් නැහැ හරියට නොයෙල් අමරසිංහට හිරගේ ඇතුළෙදි කොටියාකුඹුරේ නිහාල් වෙපන් එකක් ඇතුළට ගෙන්නගෙන වෙඩි තියලා මැරුවා.
තව මම හොඳ කතාවක් කියන්නම්. දවසක් අපි ගියා ඔක්ෂන් එකකට ඇඹිලිපිටියේ. සී.ටී.බී. බස් ඔක්ෂන් එකක්. ඉස්සර අපි ඔක්ෂන් එකකට යනකොට, යන්නේ ගැන්සි පිටින්, යටවෙන්න කාටවත් යන්නේ නැහැ.
අපි ඉතින් එරික්ගේ ගැන්සියේ. නාවල නිහාලුත් අපි එදා එක්කරගෙන ගියා. හැබැයි එකක් තිබ්බා, ඔය ඔක්ෂන්වලට එරිකා එනවා කිව්වම වෙන කවුරුත් එන්නේ නැහැ බයයි. ඔය මුස්ලිම් මුදලාලිලා පට්ට බයක් තිබ්බේ. දැන් අපි සෙට් එක ඇඹිලිපිටි ගියා. ඔය කළු සුනිල් කියලා හිටියා ගුණසිංහපුර පාතාලේ පොරක්. ඔය චින්තක අමරසිංහ තමයි කළු සුනිල්ව මරන්නේ. උෟ එදා ඇවිල්ලා හිටියා ඔක්ෂන් එකේ බඩු ගන්න.
මූ වේලපහින් ඇවිල්ලා ඇඹිලිපිටියේ සෙට් එකක් අල්ලලා. දැන් ඔක්ෂන් එක පටන් ගත්තා. එරිකයි මමයි ඉස්සරහ ඉන්නවා. නාවල නිහාලුයි අපිත් එක්ක ආපු කට්ටියයි අපේ පිටිපස්සේ. දැන් වෙන්දේසිය පටන් අරන් පොලිසියේ මහත්තුරුත් ඉන්නවා. දැන් කළු සුනිල් ඉල්ලන ඉල්ලන එක එරික් ඉල්ලනවා. දැන් එරික් පාඩුවට ගන්නේ. නාවල නිහාල් මට ඇඟිල්ලෙන් ඇනලා කියනවා පොඩ්ඩක් කියන්න කළු මහත්තයා බලලා ඉල්ලන්න කියලා. කේන්ති ගියාම පාඩුවට ඉල්ලනවා. හැබැයි කොහොමහරි අන්තිමේදී කරකවලා බිස්නස් එක ගහනවා. ඒ අතින් මාස්ටර් හෙඩ්. මම නිහාල්ට කිව්වා පොඩ්ඩක් ඉන්නවා කලබල නොවී එයා බිස්නස් එක ගහයි කියලා. දැන් ඔය ඉල්ලන අතරතුරේදී, කළු සුනිල්ගේ සෙට් එකත් ආවා එරිකා ළඟට. 'කොළඹ සුනිල් මහත්තයා ඉල්ලන්නේ ඉල්ලන්න එපා' කිව්වා. එරික් එකපාරටම කීවා "කවුද ඩෝ මට ඉල්ලන්න එපා කියන්නේ. කවුද ඩෝ සුනිල් මහත්තය. උෟට ගිහිල්ලා උඹලා දීපන්." අරුන් පැත්ත පළාතක හිටියේ නැහැ. කොහේ ගියාද දන්නේ නැහැ. කොහොම හරි එදා ඔක්ෂන් එකේදි සී.ටී.බී. බස් 50ක් ගත්තා එරිකා. ඔක්ෂන් එක ඉවරවෙලා දැන් අපි එළියට ආවා. එතකොට ඉන්නවා කළු සුනිල් සෙට් එකත් එක්ක සිගරැට් එකකුත් පත්තු කරගෙන. එරිකා ගියා ළඟට.
"අඩෝ ගෑනු විකුණන්නේ නැහැ. දබා හවුස් (ගණිකා මඩම්) වලින් සල්ලි ගන්නෙ නැහැ. ඇමැතිලා, මන්ත්‍රිලා පස්සේ යන්නෙ නැහැ. මේක පරම්පරා බිස්නස් එක ඩෝ. ඊළඟ සැරේ ප්‍රශ්න දාන්න ආවොත් මරන එක මරනවා" එහෙම කීවා.
එදායින් පස්සේ එක ඔක්ෂන් එකකවත් කළු සුනිල්ව මම දක්කෙ නැහැ.
එතකොට මේ පසුබිමත් එක්ක කොහොමද නාවල නිහාල් පාතාලයට එන්නෙ?
මේකනේ, එරිකා ඔක්ෂන්වලින් සල්ලි හම්බුකරලා සහෝදරයන්ට බෙදුවා. ඉතුරුවලින් කෙරුවේ කුඩු ගහන එක. කුඩු ග්‍රෑම් ගණන් දවසට ගැහැව්වේ. එරිකා කුඩු ගහගෙන අමුතු ලෝකයක ජීවත් වුණේ. එරික්ගේ නමට තිබ්බ සැලකිලි, බය ටික, ටික නිහාල්ගේ නමට හැරුණා. ඊට පස්සෙ කට්ටිය නිහාල්ව හොයාගෙන ආවා. එරික් කවදාවත් සහෝදරයන්ට කුහකකම්, ඊර්ෂියා කළේ නැහැ. මම තව හොඳ කතාවක් කියන්නම්. ඔය බම්බලපිටිය පැත්තේ නාවල නිහාල් අඳුනන එකෙක් ගණිකා මඩමක් කළා. නිහාල්ටත් ඕකෙන් මාසෙට ගාණක් එනවා. දවසක් නිහාල්ගේ අයියා කෙනෙක් හිටියා නොයෙල් කියලා. ඔය නාරාහේන්පිට හන්දියේදී ඉඩම් කේස් එකකට වෙඩි තියලා මැරුවේ. නොයෙල් දවසක් කට්ටියත් එක්ක අර පොට් එකට රිංගලා. ඒකේ අයිතිකාරයා නිහාල්ට කතා කරලා කියලා කට්ටියක් ඇවිල්ලා කරදර කරනවා කියලා. මහ රෑ නිහාල් සෙට් එකත් එක්ක ගිහිල්ලා අරුන්ට ගහලා අම්බානක. නොයෙල් ඉන්නවා කියලා දැනගෙන ඉඳල නැහැ. නොයෙල්ටත් ගහලා අම්බානෙක. දැන් උදේ පාන්දර නොයෙල් ගෙදර ඉන්නවා, මූණ ඉදිමිලා, තොල් පැළිලා එරික් ඇහැව්වා මොකද ඕයි වෙලා තියෙන්නේ කියලා. දැන් නොයෙල් කියන්නේ නැහැ මොකක්ද වුණේ කියලා. ළඟ හිටපු එකෙක්ව බය කරලා එරික් අහද්දි උෟ කිව්වා ඔක්කොම විස්තරේ. අම්මට උඩු මල පැන්නා එරික්ට, ගත්තා ජීප් එක, නඟින්න කළු මහත්තයා කියලා තව තුන් හතර දෙනෙක් දාගත්තා. ගියා අර ගණිකා මඩමට. ඉන්න ඔක්කොටම දුවනකම් ගැහැව්වා. තියෙන බඩු, ටීවී, ඒවා මේවා ඔක්කොම කුඩු පට්ටම්. ගහල ඉවර වෙලා කෙළින්ම ආවා නිහාල්ගේ ගෙදරට. එතකොට නාවල නිහාල් හිටියේ කළුබෝවිල. ජීප් එකෙන් බැහැලා කිව්වා
"අඩෝ වේස ගෑනුන්ට යටත් වෙලා සහෝදරයන්ට අත උස්සන වුන් එක්ක මගේ සහෝදරකම් නැහැ. බැහැපන් ඩෝ අරගෙන උඹේ පිස්තෝලේ එළියට. මම පිස්තෝලයක් අරන් ඇවිල්ලා ඉන්නේ. දෙන්නා වෙඩි තියාගමු ඩෝ. කියලා. දැන් නිහාල්ටත් මල පැනලා. නිහාල් පිස්තෝලේ අරන් එළියට ආවා. එනකොට ඔය ෆියට්ලා, නිහාල්ගේ කට්ටිය නිහාල්ව අල්ල ගත්තා. කොහොම හරි එදා උඩට වෙඩි දෙකක් තියලා එරික් ගෙදර ඇවිල්ලා ඇඬුවා.
කෝසල ප්‍රියංකර කදුරුවාන

set සමාව දෙන්නේ - දෙවියෝ


ගෝනවල සුනිල්ගෙන් පටන් ගෙන

 


සොත්ති උපාලි

 

වම්බොට්ටා
 








ධම්මික අමරසිංහ









බැදදගානෙ සංජීව
 









ඕල්කට්





ෆාජි
 




පොට්ට නෞෆර්





ආනමාලු ඉමිටියාස්



 







චින්තක අමරසිංහ , කලු අජිත්, මොරටු සමන්, දෙමටගොඩ කමල්, කිඹුලා ඇලේ ගුණා, තෙල් බාලා , ප්‍රින්ස් කොලම් , ධනුශ්ක ,
නෙලුවේ ප්‍රියන්ත , කඩුවෙල වසන්ත, ආමි රොෂාන් , උස කුමාර ආදි 70 , 80 , 90 දශක හා පසුගිය දශකයෙ මුල් භාගයෙ පාතාල
ලොව හෙල්ලු බොහොමයක් අද වන විට මිය ගොස් ඇත. සමහරුන් අතුරුදන් වී ඇත. සමහරුන් හිරගෙදර සිය ජීවතයෙ අවසාන කාලය
ගත කරයි. පාතාල ලොව ගෝඩ් ෆාදර් කිරුල දිනු නාවල නිහාල් හට සිදු වූ දෙය ඔවුන්ගෙ සගයන්ද නොදනි.
 









මෑතකදි පාතල ලොව තුල සිදු වූ අදුරු අතීතයන් නැවතත් කරලියට පැමිණෙන්නෙ පාතාල ලොව ප්‍රබල චරිත වූ නේවි අසංක ,
නේවි රුවන් පොලීසියට ආයුධ පෙන්වීමට ගොස් පොලිස් වෙඩි පහරින් මරුමුවට පත් වීම හේතුවෙනි . දිගු කාලයක් පොලිස් ඇසට වැලි ගසා
පාතාලෙ කෙරුම් පෙන්නු කරාටෙ ධම්මිකද අතුරුදහන්ය.

නේවි රුවන්


නේවි අසංක


කරාටෙ ධම්මික



අයිස් මංජු



නෙලුවේ ප්‍රියන්ත




දැන් සිතිය යුත්තෙ ලංකාවෙ පාතාල ලෝකයෙ අනාගතය කුමන අයුරින් දරුණු විය හැකිද යන්නයි.පොලොන්නරුවෙ පොඩි විජේලා ,
මරදානෙ චොප්පෙලා , අග්ගොන චන්දරේලා මෙන් නොව අද සිටින සොත්ති උපාලිලා ඉතා දරුණුය. ගමක් බිය කරගෙන සිටි චන්ඩිගෙන්
පැවතගෙන ආ සංස්කෘතිය පාතාලය බවට පත් වී මුලු රටටම පිළිලයක් විය.කඩු , ඩප්පි ඉතා ඉක්මනින් තුවක්කු, බෝම්බ විය. ජාවරම් වලින්
පෝෂණය වීමට තැත දැරු පාතලය මෙන් නොව පසු කලෙක බලයට පාතලයේ ලොක්කන් සටන් කලේය. කසිප්පු නොදීම් නිසා කලහ කර
ගැනීමට ගිය කැලණියේ ඩයස් , හෝටලයක් නිසා මැරුම් කෑ ඉතාලි ජගත් එවාට හොද උදාහරණය. පාතාලයට ජාතිවාදයද සම්බන්ධ වුණි.
සුදාකරන්ගෙන් දෙමල පාතාලයක් ඇරඹුණි. එය ඉවසාගත නොහැකිව කුඩු නූර් , ෆාජි ,ආනමාලු ඉමිටියාස් මුස්ලිම් පාතාලයක් ඇතිකර දෙමල
පාතාලය විනාශ කලේය. මුස්ලිම් පාතලය අවසානය සිදු වූයේ ප්‍රින්ස් කොලම්ගෙන් ඇරඹි සිංහල පාතාලය හේතුවෙනි.


මොරටු සමන් දැන් මොරටුවේ නැත. මොරටු සමන්ගෙ ඉතාම සමීප පාතාලෙ සාමාජිකයෙකු වූ " සුදු මල්ලි " දැන් ඉතාලියෙ ජීවත් වේ.
ඔහු ඉතාලි කාන්තවාක් විවාහ කරගෙන සිටියි. දැන් මොරටුවට සමන් නැති අඩුව පිරිමහන්නට ලසන්ත නැමත්තෙකු කුරුමාණම් අල්ලයි.ගංජා හා
මත්කුඩු ඔහුගේ ජාවාරමයි.රත්මලානෙ එකල පාතාලයෙ සිටි කෙරුමෙකු වූයෙ උස කුමාර නැමැත්තායි.දෙහිවල ජගත් ඝාතනය කරමින් කරලියට
පැමිණි ඔහුත් පොලිසියට අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමට ගොස් මැරුම් කෑවේය. දැන් මත්කුඩු ජාවරම සමගින් රත්මලානට පාතාල සංස්කෘතිය
නැවත බෝ කිරිමට උත්සහ කරන්නෙ කුඩු රාජාය.

බොරැල්ලෙ ඔල්කට් කුරුණෑගලදී මිය ගියේය. ඔහුගෙ මාමා තම නෑදෑ පුතුගෙ හා දමිත නැමති ඕල්කට්ගේ සමීපතමයා
ගෙ පුරසාරම් දොඩමින්
ඉතාලියෙ ජීවත් වේ. කුඩු නිලංග , කිතුල්වත්තෙ හාමු මෙන්ම අම්මාන් නැමැත්තන් දැන් බොරැල්ලේ සිට පාතාල ලොව අකුරු කියවමින්
සිටියි.භාරත ලක්ෂ්මන් මහතාගෙ ඝාතනයෙන් තවත් පාතාලයන් ගැන තතු හෙලි වෙති . බස් චූටිගෙ ගෝලයෙකි වන වැල්ලම්පිටියෙ හැරිසන්
ඉතා ඉක්මනින් පාතාල ලොව ඉහලට යන චරිතයක් බවට පත්ව ඇත. කරාටෙ ධම්මික අතුරුදහන් වුවත් ඔහුගේ ගෝලයන් වූ පාන් අනුර ,
මංජු , තිලංක, කුඩු ගැමුණු , දිනහේවා, නොන්ඩි අජිත් මේ අතරින් ප්‍රධානය.



 ෆාජිගෙ සෙවන යටතේ මාලිගාවත්තෙ රජ කල මාමස්මිටත් වැඩ වැරදෙමින් පවතී. ඒ ජලාශ පාරෙ චිප්පේද කුඩු ජාවරම රැගෙන කොලඹට පැමිණ
ඇති නිසාය.ඔහු අවි ජාවාරමද සිදු කරයි.බ්ලුමැන්ඩල්හී ප්‍රින්ස් කොලම්ට අවසානය ලගා වුයේ ශ්‍රිලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරගයක් නරඹන
අතරතුරේදිය.බ්ලුමැන්ඩල්හි සංජිව තවමත් බන්ධනාගාරයේය. මට්ටක්කුලියෙ ගල් සම්පත් හා නුවන්ලා පාතල ලොව අදුරට දැන් හුරුවෙමින් පවති.
කොම්පඥ්ඥවීදියෙ මැක්සිත් එසේමය. අංගොඩ දාබරේ , බිත්තර චමින්ද , සිංහපුර දීප්ත තවත් පිරිසකි.

කඩුවෙල වසන්ත මිය ගියත් කඩුවෙල වාසල තවමත් පාතල ලොව සැගවූ චරිතයක් ලෙස ජීවත්වේ.මිනී 35කටත් අධික සංඛයාවකට
වගකිවයුතු නදුන් නැමැත්තා දරුණු පාතාල නායකයා සිටින්නේ ඉතාලියේය.
ඔහු ඉතාලියේ ඉතා සාමකාමි ජීවිතයක් ගතකරන අතර
ඉතාලි ශ්‍රි ලාංකිකයන් විසින් පවත්වන උත්සහ වලට පවා සහභාගිවේ. ෆේස්බුක් වෙබ් අඩවියේ පවා සිටියි. එහෙත් ඔහු කවුද කියා හරියටම
දන්නෙ ඔහුත් සමග සාද වලට සහභාගිවන පිරිස සහ ඔහුව ලගින් ඇසුරු කරන තරුණ පිරිසයි.මාතර සුමිත් , දෙවුන්දර චමත් , උනාකූරුවේ ශාන්ත ,
මාතර සෙල්ල , මදුශ් , තරුදු , බද්දේගම ප්‍රසන්න , බාබර් රංග , චමින්ද දැන් දැන් දකුණේ පාතාලයට අත පොවා ඇත. රත්ගම මදුර විදේශ
ගතව සිටියත් ඔහුගෙ කටයුතු මෙහෙය වීමට බුස්සේ ලලිත් සිටී.

මොවුන් සියල්ලගේම ප්‍රධාන ජාවරම මත්කුඩුය. එමෙන්ම කුලි මිනීමරුවන් මෙන කටයුතු කරන අතර කප්පම් ගැනීමද සිදුකරයි. අනාගතයේදීත් සොත්ති උපාලිලා බිහිවිය හැකි නිසා එය නැවත්වීමට දැන්ම පටන් කටයතු කල යුතුය.

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා ගොදුර ඉව අල්ලයි
මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ
දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසළ වැටි වැටී
නිවි නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ

විනිසුරු අසුනේ
සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ

නීති පොතේ ඉන්ද්‍රජාලේ
ඝාතකයා - මිනීමරන්නේ - තිරිසනා
විනිසුරුවා - නඩු අසන්නේ - මිනිසා
මුනිවරයා - සමාව දෙන්නේ - දෙවියෝ

වෙඩි කාලා පණ අදින කොල්ලො දෙන්නට කළු අජිත් මැරෙන්නම වෙඩි තිබ්බා

වෙඩි කාලා පණ අදින කොල්ලො දෙන්නට කළු අජිත් මැරෙන්නම වෙඩි තිබ්බා

චින්තක අමරසිංහ සහ කළු අජිත් අතර තිබූ ඇයිහොඳයිකම් බැමි පුපුරා යමින් තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ජීවිතවලට ඉව අල්ලමින් නයි - මුගටි සටනකට පණ පොවමින් සිටීමයි. චින්තක අමරසිංහ ඝාතනය කිරීමට කළු අජිත්ගේ හිත තුළ පැලපදියම් වී තිබූ ආශාව සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රබල චිත්ත ශක්තියක් කළු අජිත්ට තිබුණේ නැත.









චින්තක අමරසිංහ සහ කළු අජිත් අතර තිබූ ඇයිහොඳයිකම් බැමි පුපුරා යමින් තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ඔවුන් දෙදෙනා එකිනෙකාගේ ජීවිතවලට ඉව අල්ලමින් නයි - මුගටි සටනකට පණ පොවමින් සිටීමයි. චින්තක අමරසිංහ ඝාතනය කිරීමට කළු අජිත්ගේ හිත තුළ පැලපදියම් වී තිබූ ආශාව සක්‍රියව ක්‍රියාත්මක කිරීමට තරම් ප්‍රබල චිත්ත ශක්තියක් කළු අජිත්ට තිබුණේ නැත.
* කළු අජිත් සහ චින්තක අමරසිංහ අතර මීට පෙර ආරවුල් තිබුණා නේද?
මේකෙන් කවුරුවත් හිතුවේ නැහැ චින්තකයි කළු අජිතුයි ඇරගනියි කියලා. ගෑනියි, මිනිහයි වගේනේ හිටියේ. ඔය ජයසිරිට චින්තක ගහන්න ඉස්සෙල්ලා ඒ දෙන්නා අතර ප්‍රශ්න තිබ්බා. දෙන්නා අතර කේස් එක පත්තුවුණේ මේ විදියට. ඔය කළු අජිත්ගේ ගෙදර දවසක් තිබ්බා පාටියක්. ඕකට චින්තකත් ආවා. කළු අජිත්ගේ සෙට් එකේ හිටියා එයාර්ෆෝස් එකේ කොල්ලෝ දෙන්නෙක්. උන් දෙන්නා හවසට ඩියුටි ඕෆ් වෙලා ඇවිල්ලා මුන් එක්ක රොබරි, එක එක ගේම් දිදී හිටියේ. කොහොම හරි මුන් දෙන්නට ගහන්න චින්තකට කන්ට්‍රැක් එකක් ඇවිල්ලා. චින්තක ඒක භාර අරගෙන තිබ්බේ. එදා කළු අජිත්ගේ කොළොන්නාවේ ගෙදර පාටියට එයාර්ෆෝස් එකේ කොල්ලො දෙන්නත් ඇවිල්ලා හිටියේ. පාටියේදී උන් දෙන්නා හොඳට බිව්වා. චින්තක කල්පනා කළා මේක තමයි හොඳම අවස්ථාව මුන් දෙන්නට ගහන්න කියලා. චින්තක අමරසිංහ කියන පුද්ගලයා සිගරැට් එකක්වත් බොන්නේ නැති කෙනෙක්. ඉඳලා ඉඳලා බියර් එකක් බොනවා. ඒකත් කලාතුරකින්. එදා අර කොල්ලෝ දෙන්නා බීලා බයික් එකේ යන්න ගියා. උන් ගිහිල්ලා විනාඩි පහක් නැහැ චින්තක කළු අජිත්ට කීවා මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා එන්නම් කියලා. බයික් එකත් අරගෙන ගියා. දැන් හැබැයි කළු අජිත්ට සැකයි ඇයි චින්තක ඉක්මනට ගියේ කියලා. චින්තකට යන්න දීලා පැය භාගෙකට පස්සේ කළු අජිත් බයික් එක ගත්තා චින්තක ගිය පාරේ ගියා. කළු අජිත් බයිසිකලෙන් කිලෝමීටරයක් විතර යනකොට දැක්කා පාරෙන් පැනලා වෙලකට බයික් එක වැටිලා තියෙනවා. බයිසිකලේ ලයිට් එක පත්තුවෙනවා දැක්කා වෙලේ. කළු අජිත් පැදගෙන ආපු මෝටර් සයිකලේ ලයිට් එක ගහල බැලුවා කවුද කියලා. බලනකොට අර එයාර් ෆෝස් එකේ කොල්ලෝ දෙන්නා පණඅදිනවා මැරෙන්න. කළු අජිත් දන්නවා මේ වැඩේ කළේ චින්තක කියලා. දැන් ෆුල් අප්සට් කළු අජිත්ට. කළු අජිත් මොකද කළේ. අර පණඅදින එයාර්ෆෝස් කොල්ලෝ දෙන්නට වෙපන් එක අරගෙන මැරෙන්න වෙඩි තිබ්බා. වෙඩි තියලා ගෙදර ඇවිල්ලා කල්පනා කළා චින්තක කරපු සක්කිලි වැඩේ ගැන. මොකද එකට කකා බිබී හිටපු කොල්ලෝ දෙන්නනේ. එදා තමයි චින්තක කියන පුද්ගලයා සත පහකට විශ්වාස කරන්න බැරි අමුතු මිනිහෙක් කියලා කළු අජිත් තේරුම් ගත්තේ.
එදායින් පස්සේ කළු අජිත්, චින්තකත් එක්ක ඩීල් කළේ බොහෝම පරිස්සමෙන්. ඔහොම ඉන්නකොට දැන් කළු අජිත්ගේ නමත් ලංකාවේ ප්‍රසිද්ධයි. චින්තක අමරසිංහගේ නමත් ලංකාවේ ප්‍රසිද්ධයි. චින්තක කැමැති නැහැ කවුරුත් එක වෙනවට. චින්තකට ඕනේ එක. ඒ ගමනට කවුරු හරි බාධාවක් වෙනව නම් කිසි බැලිල්ලක් නැහැ ගහලා දැම්මා. ඒක චින්තකගේ හැටි. ඒ කාලේ කළු අජිත් හිටියේ නාවල නිහාල්ගේ ළඟ නිසා ෆුල් ෆෝම් එකේ හිටියේ. කළු අජිත් මාවත් කපාගෙන ඉස්සරහට ඒවි, ඒ නිසා අජිත්ට ගහන්න ඕනේ කියලා චින්තක කල්පනා කළා. කළු අජිත්ට ගහන ප්ලෑන් දෙක තුනක් චින්තකගේ අතින් මිස් වුණා. ඔය තොටළඟ තමයි චින්තකලාගේ රාජධානිය. තොටළඟ හන්දියේ මාළු ලෑල්ල අයිති ගෑනිගේ දුව තමයි චින්තක තියාගෙන හිටියේ. දවසක් තොටළඟ ෆුට්බෝල් මැච් එකක් තිබ්බා. ඒ කාලේ මැච් එකක් තිබ්බම ඔය ඔක්කොම වැඩ්ඩෝ කට්ටියත් එක්ක බහිනවා කලර්ස් එකට. කොහොම හරි එදා තොටළඟ මැච් එක බලන්න චින්තක කට්ටියත් එක්ක ඇවිල්ලා හිටියේ. දැන් කළු අජිතුත් මැච් එක බලන්න එනවා කියලා චින්තක දන්නවා. එදා චින්තක ප්ලෑන් කළා මැච් එක බලන්න ආවාම කළු අජිත්ටයි, සෙට් එකටයි ගහලා දාන්න. චින්තක කිව්වා අරූ මැච් එක බලන්න ඒවි ලෑස්ති වෙලා හිටපන් කියලා. කොහොමහරි චින්තකගේ සෙට් එකේ කොල්ලෙක් කෝල් කරලා කළු අජිත්ට කිව්වා එන්න එපා අයියේ චින්තක ගහන්න සෙට් වෙලා ඉන්නේ කියලා. කළු අජිත් මොකද කළේ චින්තක ඉන්න තැනට වෑන් එකෙන් කොල්ලෙක් ඇරියා තත්ත්වේ බලාගෙන එන්න කියලා. චින්තක දැක්කා අෑත ඉඳලා කළු අජිත්ගේ වෑන් එක එනවා. චින්තක කොල්ලන්ට කීවා වෑන් එක වට කරන්න කියලා. උන් වෑන් එකට ඔළුව දාලා කෝ අජිත් අයියා ආවේ නැද්ද කියලා ඇහැව්වා. වෑන් එකේ ආපු කොල්ලා කීවා, මම හිතුවේ ඇවිල්ලා ඇති කියලා. සරත් අයියාගේ කාර් එකෙන් ආවනේ කියලා බොරුවක් කියලා වෑන් එක හරවගෙන ගියා. උෟ ගිහිල්ල කළු අජිත්ට කිව්වා අයියේ පුදුම විදියට අද බේරුණේ. අද ගියා නම් ෂුවර් එකටම ගහන්න ලෑස්ති වෙලා උන් හිටියේ කියලා.
ඊට පස්සේ කළු අජිත් කල්පනා කළා චින්තක අනිවාර්යයෙන්ම දැන් මට ගහනවා ඊට ඉස්සෙල්ලා චින්තකට ගහන්න ඕනේ කියලා. චුට්ටත් එක්ක එකතු වෙලා චින්තකට ගහන විදිය ප්ලෑන් කළා.
කෝසල කදුරුවාන

චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කිරීමෙන් පසු

සොත්ති උපාලි කළු අජිත්ගෙ අයියව මැරුවා


චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කිරීමෙන් පසු සොත්ති උපාලිගේ ඉහමොළ රත්වන්නට පටන්ගෙන තිබිණි. චින්තක අමරසිංහත් සොත්ති උපාලිත් දෙදෙනාගේ ජීවිතවලට ඉව අල්ලාගෙන සිටියේ පාතාල පොරපිටියේ තවත් ප්‍රබල මරාගැනීමක් සංකේතවත් කරමිනි. එහෙත් සොත්ති උපාලි ඝාතනය කිරීමට චින්තක අමරසිංහට ඉඩ ප්‍රස්තා ඇහිරී ගියේ ඔහුට තිබූ ප්‍රබල රාජ්‍ය රැකවරණය නිසාය. මේ අතර මාළු නිහාල් ඝාතනය කිරීම සඳහා කළු අජිත්, චින්තක අමරසිංහට ඔත්තු සැපයූ බවට අනුමාන කළ සොත්ති උපාලි කළු අජිත් ඝාතනය කිරීමට තීරණය කරමින් තිබිණි.

සොත්ති උපාලි කළු අජිත්ව ඝාතනය කිරීමට පැහැරගෙන යනවා. ඒ සිදුවීම විස්තර කළොත්?
මාළු නිහාල් මරන්න ඔත්තු දුන්නේ කළු අජිත් තමයි කියලා සොත්ති උපාලි හිතාගෙන හිටියේ. සොත්ති උපාලිලා, සෙට් එක ඔබේසේකරපුරට බැහැලා කළු අජිත්ව උස්සාගෙන ගියා. කළු අජිත්ට ගහලා අතපය බැඳලා මරන්න දාලා හිටියේ. කොහොම හරි ඔය කොළොන්නාවේ කසිප්පු සමන්, මෝර සුනිල්ලා, සොත්ති උපාලිගේ අයියා කෙනෙක් හිටියා ඉන්දරේ කියලා. ඔය ඉන්දරේ අයියට ඒගොල්ලෝ කතා කළා. "අර අහිංසක කොල්ලෙක් තමයි උපාලි අරන් ඇවිල්ලා තියෙන්නේ. උෟ චින්තකව අඳුරන්නේ නැහැ. එවන්න කියන්න" කියලා. කොහොම හරි ඔය වචනෙට සලකලා කළු අජිත්ව සොත්ති උපාලි එවලා තිබ්බා. හැබැයි සොත්ති උපාලි කියලා තියෙනවා කළු අජිත්ට, උඹව අත්හැරියට උඹව මරනවා කියලා. ඊට පස්සේ කළු අජිත් කොළොන්නාවේ ඇවිල්ලා තමයි හැංගිලා හිටියේ. ඊට පස්සේ කොහොම හරි කළු අජිත් චින්තක අමරසිංහට සෙට් වුණා. චින්තක ඇතුළට ගියාට පස්සේ චින්තක විසිට් ගිහිල්ලා කුඩු බිස්නස් ලයින් එකක් අල්ලගෙන පොඩි ගේමක් ගහගෙන හිටියා. කොහොම හරි චින්තක, කළු අජිත්ට වෙපන් එකකුත් දුන්නා. සොත්ති උපාලිගෙන් මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් බේරෙන්න. ඊට පස්සේ සොත්ති උපාලිගේ කනට ගියා කළු අජිත්, චින්තකත් එක්ක අයිය මල්ලි වගේ ගේමේ ඉන්නේ කියලා. ඇත්තටම ඊට පස්සේ තමයි කළු අජිත් කියන චරිතය ෆෝම් වුණේ. නාවල නිහාල්, කළු අජිත්ව ළඟින් තියාගෙන හිටියේ. ඔය සොත්ති උපාලිගේ අයියා ඉන්දරේව කළු අජිත්ලා මරන්න තීරණය කරනවා. චින්තක, කළු අජිත් එක්ක එකතු වෙලා සොත්ති උපාලිගේ අයියා ඉන්දරේව ආමර්වීදියේ රෙස්ටුරන්ට් එකකදී වෙඩි තියලා මරනවා. ඊට පස්සේ සොත්ති උපාලි ඒකේ පළිය ගන්නේ කළු අජිත්ගේ අයියව මරල. උෟ කිසිම දේකට සම්බන්ධ නැති අහිංසක මනුස්සයෙක්. ඔය විදියට දෙපැත්තෙම මරාගත්තා.

චින්තක අමරසිංහ සිදුකළ තව ඝාතන මොනවද?

මෙහෙමයි. ටික කලක් යනකොට චින්තක අමරසිංහ ලංකාවේ ප්‍රසිද්ධ චරිතයක් වුණා. දකුණු ආසියාවේ ළාබාලම අපරාධකාරයා ලෙස මර්ඩර් රෙකෝඩ් එකක් චින්තක තියලා තිබ්බා. චින්තක කියන්නේ සතපහට විශ්වාස කරන්න බැරි, අවිශ්වාසයක් ආවොත් ළඟ ඉන්න යාළුවා හරි කමක් නැහැ මරලා දාන චරිතයක්. ඒ වගේම චින්තක අමරසිංහගේ මල්ලි ධම්මික අමරසිංහත් ඒ වගේ තමයි. සත පහකට විශ්වාස කරන්න බැරි චරිත. චින්තක ෆීල්ඩ් එකේ ඉන්නකොට ඔය දෙමටගොඩ සිංහ දූපතේ ජයසිරි තමයි චින්තකට උදවු කළේ. කළු අජිත්, චුට්ටා, එම්.කේ. අජිත්, චින්තක, ධම්මික ඔය සෙට් එක එකට හිටියේ. කොහොම හරි චින්තක කොම්පඤ්ඤවීදියේ කොට ගාමිණීගේ කොන්ත්‍රාත්තුවකට ජයසිරි මරන්න තීරණය කරනවා. ඒක හරියට චින්තක තමන්ගේ තාත්තා මැරුව වගේ වැඩක්. මොකද ජයසිරි කියන්නේ චින්තකට ප්‍රශ්න තිබිච්ච කාලේ චින්තකව ආරක්‍ෂා කරලා චින්තකට නමක් හදලා දීපු කෙනා. ඒත් කළු අජිත්ගේ ගෙවල් කිට්ටුව සිංහ දූපතේදී ජයසිරිව වෙඩි තියලා චින්තක මරනවා. ඒ මර්ඩර් එකෙන් චින්තක, කළු අජිත් අතර තිබ්බ ඇයිහොඳයිකම පොඩ්ඩක් පලුදු වුණා. කළු අජිත්, චින්තකගෙන් අහලා තියෙනවා ඇයි ජයසිරි අයියව මැරුවේ කියලා. චින්තක එතකොට කියලා තියෙනවා නැහැ උෟ සර්පයා කියලා. කොහොමහරි ඊට පස්සෙ චින්තකයි, කළු අජිතුයි වැඩි ඇසුරක් තිබ්බේ නැහැ. මම ඇතුළේ ඉන්නකොට මටයි නාවල නිහාල්ටයි කළු අජිත් විසිට් එකක් දැම්මා. හැබැයි නිහාල් විසිට් එකට නැග්ගේ නැහැ. නිහාල්ට ගහන්න කළු අජිත් සැරසිලා ඉන්නවා කියලා නිහාල්ට ආරංචි වෙලා තිබ්බා. ඒ නිසා නිහාල් කළු අජිත්ට ගහන්න බලාගෙන හිටියේ. කළු අජිත් විසිට් එකට නැග්ගට පස්සේ මම කිව්වා තමුසේ මොනවද මේ කරන පිස්සු වැඩ කියලා. මම කිව්වා තමුසෙට ලස්සන ගෑනියෙක් ඉන්නවා. කළු අජිත් බැඳලා හිටියේ ලස්සන දෙමළ කෙල්ලෙක්. ළමයි දෙන්නෙක්ද කොහෙද හිටියා. මම කිව්වා මම තමුසෙට අවවාද තුනක් දෙන්නම්. එක වේස ගෑනු පස්සෙ යන්න එපා, දෙවැනි එක කුලියට මිනීමරන්න හිතන්න එපා. තුන්වැනි එක අනුන්ගේ ඉඩම් කොල්ලකන්න හදන්න එපා මොකද තමුසෙට හෙට අනිද්දා වෙනකොට ටොපියක් කැරකෙනවා. නැත්නම් තමුසේ තමුන්ගේ පාඩුවේ බිස්නස් එකක් කරගෙන ඉන්නවා. නැත්නම් රට යනවා.
ඔව් ඇත්ත. මම මොනව හරි තීරණයක් ගන්නවා කියලා කළු අජිත් එදා මට පොරොන්දුවක් දුන්නා.

විජය කුමාරතුංගට වෙඩි තිබ්බෙ නොයෙල් අමරසිංහ ළඟ හිටපු ''හෙට්ටි''

විජය කුමාරතුංගට වෙඩි තිබ්බෙ නොයෙල් අමරසිංහ ළඟ හිටපු ''හෙට්ටි'' කියලා එකෙක්

පරම්පරා හයියත්, තම නොසණ්ඩාලකමුත් එකට මුසුකරගත් නොයෙල් අමරසිංහ ඒ හරහා දැවැන්ත පාතාල චරිතයකට පණ පෙව්වේය. ලංකා පාතාලයේ 'මාස්ටර් බේබි' යන විරුදාවලිය ලත් නොයෙල් අමරසිංහ පාතාලයේ සුපිරි වැඩකරුවන් වූ චින්තක අමරසිංහ සහ ධම්මික අමරසිංහට නෑදෑකමට වන්නේ මාමාය. ලේ දැකීමේ විකෘති ආශාවෙන් ගොඩනැඟුණු එම පාතාල භූමිකාව හරහා දිගහැරෙන අශෝභන කතාවයි මේ.
නම හෙළිකිරීමට නොහැකි පුද්ගලයකුගේ සංවාදයක් හරහා ගොඩනැඟෙන මෙම කතාබහ ලංකා පාතාලයේ වැළලී ගිය රහස් ගණනාවක හෙළිදරව්වක් ලෙස නම් කිරීම වරදක් නොවේ.
• 'නොයෙල් අමරසිංහ' කියන චරිතය කොහොමද නිර්මාණය
වන්නේ?
නොයෙල් අමරසිංහගේ තාත්තා තමයි ජස්ටින් අමරසිංහ. ඒ කාලේ ගමේ හොඳ චණ්ඩියෙක්. මේ කට්ටිය මොකක්ද පවුලේ ප්‍රශ්නයකට ජස්ටින් අමරසිංහගේ මල්ලි කෙනෙක්ව මරනවා. ඒ කියන්නේ තාත්තලා, පුතාලා එකතුවෙලා තමයි එයාව මරන්නේ. නොයෙල්, එතකොට එයාගේ තාත්තා මේ නඩුවට රිමාන්ඩ් වෙනවා. නොයෙල් අමරසිංහගේ පළමුවැනි මර්ඩර් කේස් එක ඒක. ඊට පස්සේ ඇප තියලා ආවට පස්සෙ නොයෙල්ට ගමේ මිනිස්සු සලකන්න පටන් ගත්තා. ගමේ ඉන්න කොල්ලොත් නොයෙල්ට සෙට් වුණා. නාවල එරික්, නොයෙල්ට ෆුල් සපෝට් එක දුන්නා. ඔය අතරතුරේමයි ඔරුගොඩවත්තේ අර්ජුන්ව කට්ටියක් මරන්නේ. ඒ මළගෙදර දවසේදී නොයෙල් අමරසිංහ සැකේට ළඟ හිටපු යාළුවෝ දෙන්නෙක්ව වෙඩි තියලා මරනවා. ඒ මර්ඩර් දෙකත් එක්ක තමයි නොයෙල් ගොඩක් නැඟලා එන්නේ. නොයෙල්ලාගේ පවුලට කියන්නේ 'පොළොං පවුල' කියලා. නොයෙල් දිහා කවුරුහරි බැලුවොත්, හදිස්සියේ සැකයක් ආවොත් උෟව මරනවා. ඒ නොයෙල්ගේ හැටි. ඒ වගේ මොරාල් එකකින් තමයි නොයෙල් ජීවත් වුණේ. ඒ කාලේ නොයෙල්ට පුදුම බයකින් කට්ටිය හිටියේ. ඒ වගේම විශාල කොල්ලෝ ගැන්සියක් නොයෙල් ළඟ හිටියා.
• නොයෙල් අමරසිංහ විජය කුමාරණතුංග ඝාතනයට හවුල් වූ බවට රාවයක් තිබෙනවා. එහි සත්‍යතාවක් තියෙනවාද?
විජය කුමාරණතුංග ඝාතනය කළේ ජ.වි.පෙ.න්. ඒකෙ දෙකක් නැහැ. විජය කුමාරණතුංග මහත්තයට වෙඩි තිබ්බේ නොයෙල් අමරසිංහ ළඟ හිටපු හෙට්ටි කියලා එකෙක්. උෟ තමයි ජ.වි.පෙ. එකේ හොඳ හොඳ ගේම් දුන්නේ. නොයෙල් අමරසිංහ උෟව ඔබේසේකරපුර කාමරයක නතර කරන් ඉඳගෙන උෟට රැකවරණය දුන්නා.
• ඒ කියන්නේ නොයෙල් අමරසිංහ දැනුම්වත්ව තමයි විජය කුමාරණතුංග ඝාතනය වෙන්නේ?
ක මට සීයට සීයක් කියන්න බැහැ. හැබැයි ඔය හෙට්ටි කියන පුද්ගලයාව තියාගෙන හිටියේ නොයෙල්. ඒ අස්සේ නොයෙල්, නොයෙල්ට ඕන දේවලුත් හෙට්ටි ලව්වා කරගත්තා. පස්සේ ඒ වැඩේ ලීක්වුණේ පොල්හේන්ගොඩ ලයනල් කියලා එකෙක් නිසා. උෟගේ ගෙදර තමයි විජය කුමාරණතුංග මහත්තයා මරන්න ආපු රෝඩ් මාස්ටර් 250 මෝටර් සයිකලය සති දෙක තුනක් තිස්සේ හංගලා තිබ්බේ. අන්තිමට උගේ කටින් වචන දෙක තුනක් එහෙ මෙහෙ පිටවෙලා තිබ්බා. අන්තිමට ලයනල්ගේ පොල්හේන්ගොඩ ගෙදරට ඇවිල්ලා කට ඇතුළට පිස්තෝලේ දාලා කට කුඩුවෙන්න වෙඩි තියලා මරලා දාලා තිබ්බා.
• ඔබ හිතන විදියට විජය කුමාරණතුංග ඝාතනය ජ.වි.පෙ. සිදුකළේ කුමන හේතුවක් නිසාද?
ඇත්තටම ඒක දේශපාලන ප්‍රශ්නයක්. විජය කුමාරණතුංග කියන්නේ ආයිත් රටකට බිහිවෙන්නේ නැති, රත්තරන් හදවතක්, රත්තරන් මනුෂ්‍යයෙක්. ඒගොල්ලෝ මැරුවේ විජයව නොවේ. විජය දරපු ආකල්පය. ඒ නිසා තමයි විජයට මැරුම්කන්න සිදුවුණේ. විජය කුමාරණතුංගට සැබෑ ඕනෑකමක් තිබ්බා උතුර-නැඟෙනහිර ගැටලුවට දේශපාලන විසඳුමක් දෙන්න. ඔය ඉන්දු-ලංකා ගිවිසුම යටතේ පළාත් සභා ක්‍රමය ගේන්න මුලින් අඩිතාලම දැම්මේ විජය කුමාරණතුංග මහත්තයා. විජය, ඔසීලා ගිහිල්ලා ප්‍රභාකරන් එක්කත් මේ ගැන කතා කළා. හැබැයි ජ.වි.පෙ. විජයගේ ඒ සංචාරය, ඒ ක්‍රියාව දැක්කේ දේශද්‍රෝහී ක්‍රියාවක් විදියට. රට පාවලා දෙන්න, රට දෙකඩ කරන්න විජය උත්සාහ කරනවා කියන මතයක ජ.වි.පෙ. හිටියෙ. මම හිතන්නේ ඒ නිසා වෙන්න ඇති විජය මරන්න ජ.වි.පෙ. තීරණය කරන්න ඇත්තේ. ඇත්තෙන්ම ඒක දේශපාලන තීන්දුවක්.
• නොයෙල් අමරසිංහ සහ සොත්ති උපාලි ගැටුම පාතාලයේ විශාල ගැටුමක්. ඒ ගැටුම නිසා තවත් පාතාල නායකයන් විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. මොකක්ද මේ ගැටුමට හේතුව?
ඇත්තටම නොයෙල් අමරසිංහයි සොත්ති උපාලියි අතරෙ මුලින්ම ගැටලුවක් තිබ්බේ නැහැ. දෙගොල්ලෝ එකට හිටියේ. ඔය නොයෙල් ළඟ හිටපු සරත් කියලා එකෙක් කියපු කේලමකට තමයි නොයෙලුයි-සොත්ති උපාලියි ප්‍රශ්නයක් ඇති කරගත්තේ. එතකොට ඔය කඩුවෙල වසන්ත, වසන්තගේ අයියා උපාලි ඔක්කොම එකට හිටියේ. ඊට ඉස්සෙල්ලා නොයෙල් අමරසිංහත් එක්ක ගේමෙ හිටියේ මාදින්නාගොඩ අනිල්ලා. නොයෙල් අමරසිංහ, බරුවා, බත්තරමුල්ලේ විකී, සුදා, කුමාරලා එක පැත්තක්. මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජි, කොටියාගොඩ නිහාල්ලා තවත් පැත්තක්. මේගොල්ලෝ කසිප්පු බිස්නස් එකට තමයි ඇරගන්නේ. එතකොට මාදින්නාගොඩ අනිල් කුඩු බිස්නස් එක පටන් අරන් තිබ්බේ. අනිල්ට කුඩු ආවෙ කුඩු අල්ලන කට්ටියගෙන්මයි. අනිල් කුඩු වික්කේ ගේ ඉස්සරහ මේස තරාදි තියාගෙන. පොලිසියේ මහත්තුරු පවා අනිල්ට කතා කළේ මහත්තයා කියලා. කොහොමහරි සොත්ති උපාලි අනිල් එක්ක සෙට් වුණා. ඊට පස්සේ නොයෙල්ව මරන්න ඒගොල්ලො ප්ලෑන් කළා. මාදින්නාගොඩ අනිල්ලා ඔබේසේකරපුර සක්කිලිවත්තට බැහැලා එක දවසේ 16 දෙනෙක්ව වෙඩි තියලා, කපලා කොටලා මරලා දැම්මා. තව නොයෙල් අමරසිංහගේ මස්සිනා කෙනෙක් හිටියා රාජගිරියේ ස්ටූඩියෝ එකක් දාගෙන. අනිල්ලා මහ දවල් ගිහිල්ලා ඒ මනුස්සයට වෙඩි තියලා මැරුවා. කොටියාගොඩ නිහාල් හිටියේ අනිල් එක්ක. නිහාල්ගේ මල්ලි කෙනෙක් හිටියා රංජි කියලා.
නොයෙල් අමරසිංහ මාදින්නාගොඩ රංජිව වෙඩි තියලා මැරුවා. ඊට පස්සේ නොයෙල් අමරසිංහගේ අක්කා කෙනෙක්ව අනිල්ලා අරන් ගිහිල්ලා දූෂණය කරලා මරලා බොඩි එක රාජගිරියේ ගල් පල්ලිය ළඟ දාලා තිබ්බා. ඊට පස්සේ ඒකෙ වාඩුව ගන්න නොයෙල්ලා අනිල් ළඟ හිටපු 6 දෙනෙක් වෙඩි තියලා මැරුවා. කොහොමහරි රංජිගේ මර්ඩර් එකට නොයෙල් වැලිකඩ රිමාන්ඩ් වුණා. රිමාන්ඩ් එකේදී නොයෙල් අමරසිංහ මරන්න සොත්ති උපාලි, මාදින්නාගොඩ අනිල්, කොටියාගොඩ රංජි ප්ලෑන් කළා. පළමුවැනි සැරේ ජේලර් මහත්තයකුට ජරාව දීලා ඇතුළට වෙපන් එක ඇරලා තිබ්බා. පස්සේ ඒ කේස් එක මාට්ටු වුණා. නොයෙල්ව ඊට පස්සේ වෙන වෝඩ් එකකට මාරු කළා. කොටියාගොඩ නිහාල් කේස් එකක් අතින් දාගෙන වැලිකඩ රිමාන්ඩ් වුණා නොයෙල්ව මරන්න. සොත්ති උපාලි, අනිල්ලා එකතු වෙලා නිහාල්ට යවපු විසිට් එකේ බත් බාස්කට් එක ඇතුළේ 9ථථ වෙපන් එකක් ඇරියා. ඒ ආයුධයෙන් තමයි වැලිකඩ හිරගේ ඇතුළේදී නොයෙල් අමරසිංහට කොටියාගොඩ නිහාල් වෙඩි තියලා මැරුවේ.

මාළු නිහාල්ට හැරෙන්නවත් ඉඩ නොතියා චින්තක අමරසිංහ ඔළුවටම වෙඩි තිබ්බා

මාළු නිහාල්ට හැරෙන්නවත් ඉඩ නොතියා චින්තක අමරසිංහ ඔළුවටම වෙඩි තිබ්බා

වැනසිය නොහැකි සලකුණු ලංකා පාතාල කරළියට එන්නත් කරමින් සොත්ති උපාලි ඒ වන විට පාතාලය හොඳ හැටි පොහොසත් කරමින් තිබිණි. එය පොහොසත් වූයේ වෙන කිසිවකින් නොව ඔහු එවකට දේශපාලන බලාධිකාරියේ සරම් පල්ලේ සැඟවුණු නිසාවෙනි




වැනසිය නොහැකි සලකුණු ලංකා පාතාල කරළියට එන්නත් කරමින් සොත්ති උපාලි ඒ වන විට පාතාලය හොඳ හැටි පොහොසත් කරමින් තිබිණි. එය පොහොසත් වූයේ වෙන කිසිවකින් නොව ඔහු එවකට දේශපාලන බලාධිකාරියේ සරම් පල්ලේ සැඟවුණු නිසාවෙනි.
ලොක්කා ඔහු සරම් පල්ලේ සඟවා ගන්නේ ඔහුට තිබෙන ආදරයට නම් නොවේ. මල්වට්ටි අරන්, නිවන් ‍ෙදාරේ රුවන් ‍ෙදාරටු ඇරගෙන යන්න හදන පාදඩ දේශපාලනයේ, ගඳ ගහන වැඩ ටික කරගන්නටය. ඒ ආනුභාවයෙන් සොත්ති උපාලි ලංකා පාතාල කිරුළේ කටු ඔටුන්න හිස මත රඳවා ගන්නේ තමන්ට ඉහළින් කපුටකුවත් පියඹා නොයා යුතුයි යන මනෝ වියරුවෙනි.
එකී බලය හමුවේ චින්තක අරමසිංහලා යනු පරඬැලක් වැනිය. තමන්ට එරෙහි අඳුරු සෙවණැලි පලවා හැරිය යුතු යැයි තරයේ සිතා ගත් සොත්ති උපාලි "චින්තක අමරසිංහ" චරිතය තමන්ට හිසරදයක් වනු ඇතැයි සිතුවේය. ඒ අනුව චින්තක අමරසිංහ ඝාතනය කිරීම සඳහා සොත්ති උපාලි අතින් පිඹුරුපත් සැකසී ගියේ තවත් බිහිසුණු පාතාල කතාවකට මූල බීජ වපුරමිනි.
චින්තක අමරසිංහ මීගමුව අධිකරණයේදී වෙඩි ප්‍රහාරයට ගොදුරු වෙනවා. මොකක්ද ඒ සිදුවීම?
සොත්ති උපාලි දැනගෙන හිටියා තමන්ට ලොකු හිසරදයක් චින්තක ජීවත් වෙන එක කියලා. ඒ නිසා තමයි චින්තකව මරන්න සොත්ති උපාලි තීරණය කරන්නේ. චින්තකත් හිතුවේ තමන්ගේ මාමා, නැන්දා, තාත්තා මරපු එකාව කොහොමහරි මරනවා කියලා. චින්තක හිතෙන් පුදුම ශක්තියක් අරගෙන තිබ්බේ. සොත්ති උපාලි, චින්තක උසාවි නඟින දවසක් අල්ලලා, චින්තකට වෙඩි තියන්න සෙට් කළා.
කොහොමහරි ඔය පැලෑන් එක චින්තකගේ කනට ගියා. චින්තක බන්ධනාගාර මහත්වරුන්ට ඕක කීවා. එදා උසාවියට චින්තකව අරන් ආවේ දැඩි ආරක්‍ෂාවක් දීලා. හැබැයි සොත්ති උපාලි ගේම අත් හැරියේ නැහැ. ඔය කඩුවෙල පැත්තේ හිටියා චමින්ද කියලා කොල්ලෙක්. ඔතැනදී සොත්ති උපාලි ඩබල් ගේමක් ඔළුවෙන් ගැහැව්වා. සොත්ති උපාලිට වුවමනාවක් තිබ්බා චින්තක මරන කේස් එක කඩුවෙල වසන්තගේ පිටින් අරින්න. සොත්ති උපාලි චමින්ද කියන කොල්ලට කීවා චින්තකට උසාවියේදී වෙඩි තියන්න කියලා. නඩුව උපාලි බලාගන්නම් කියලා. මොකද ඒ කාලේ උපාලි හිටපු තත්ත්වයත් එක්ක ඕන දේකට මැරෙන්න ඔට්ටු කොල්ලෝ සෙට් එකක් උපාලි ළඟ හිටියා. එදා මීගමුව උසාවියේදී චමින්ද කියන කොල්ලා චින්තකට වෙඩි තිබ්බා.
හැබැයි එදා චින්තක බේරුණා. චින්තකගේ ආරක්‍ෂාවට ආපු ප්‍රිසන් එකේ මහත්වරු චමින්ද කියන කොල්ලව උසාවිය ඇතුළේ වෙඩි තියලා මැරුවා.
ඊට පස්සේ චින්තක අමරසිංහට උසාවියෙන් ඇප නියම වෙනවා.
ඔව්. චින්තකට ඇප හම්බු වෙනකොට ගිනි ජාලාවක් පත්තු වෙලා තිබ්බේ. චින්තක ඇප අරගෙන හැංගිලා හිටියේ කඩුවෙල වසන්ත ළඟ. එතකොට මේ වෙනකොට කඩුවෙල වසන්තයි සොත්ති උපාලියි ගේමේ හිටියේ. වසන්තත් හිතුවා මේක හොඳම චාන්ස් එක. චින්තක ලව්වා සොත්ති උපාලිට ගස්සන්න කියලා.
චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කරනවා. මොකද්ද ඒ සිදුවීම?
ඔබේසේකරපුර මාළු නිහාල් කියන්නෙ සොත්ති උපාලිගේ දකුණු අත වගේ හිටිපු එකා. මුලින්ම මාළු, ඊට පස්සේ අරක්කු, ගංජා, කුඩු ඔය බිස්නස්වලට ඒරියා එක හදලා, පොලිසි ටික හරිගස්වලා බිස්නස් එක ගෙනියන්න සොත්ති උපාලි ෆුල් බැක් එකක් දුන්නා. ඉතින් මාළු නිහාල්ගේ දෙයියෝ වගේ තමයි සොත්ති උපාලි හිටියේ. එතකොට ඔය කළු අජිත් ඇත්තටම හිටියේ මාළු නිහාල් ළඟ. අරක්කු ටිකක් විකුණගෙන, ඊට පස්සෙ යන්න, යන්න, කුඩු ටිකක් විකුන්න පටන් ගත්තා. දවසේ ඩේලි කලෙක්ෂන් එක ගහගෙන හිටියේ. ඒ වෙනකොට චින්තකගෙයි කළු අජිත්ගෙයි කිසිම සම්බන්ධතාවක් තිබ්බේ නැහැ. හැබැයි සොත්ති උපාලි හිතුවා මාළු නිහාල් මරන්න, කළු අජිත් චින්තක අමරසිංහට උදවු කළා කියලා.
කොහොමද චින්තක අමරසිංහ මාළු නිහාල්ව ඝාතනය කරන්නේ?
එදා මාළු නිහාල් ගෝතමී රෝඩ් එකේ, සොත්ති උපාලි ආණ්ඩුවෙන් දුන්න ගෙවල් ළඟ චීනා කියන කොල්ලත් එක්ක හිටියේ. දෙන්නගේ අතේම වෙපන් තිබ්බා. සාමාන්‍යයෙන් ඔය මාළු නිහාල් වෙපන් එක අතේ තියාගෙන තමයි ඉන්නේ. කොහොමහරි වත්තේ කට්ටිය චින්තකට බැක් එක දුන්නා, පණිවුඩ දුන්නා මාළු නිහාල්ව මරන්න. එදා කොහොම හරි කොල්ලෙක් ඇවිල්ලා බොරුවට මාළු නිහාල්ට කීවා පොලිසියෙන් වත්තට පනිනවා ආයුධය ඉණේ ගහගන්න කියලා. මාළු නිහාලුයි, චීනායි මොකද කළේ තිබ්බ ආයුධ දෙක ඉණේ ගහ ගත්තා. එතකොට චින්තකට ටි්‍රප් දෙන කොල්ලෙක් ඇවිල්ලා තමයි ඕක කිව්වේ. චින්තයි, තව ආමි එකේ කොල්ලෙකුයි ලෑස්ති වෙලා හිටියේ මාළු නිහාල්ට ගහන්න. ට්‍රේල් බයික් එක ආමි එකේ කොල්ලා පදිනවා. චින්තක පිටි පස්සේ. කොහොමහරි ගෝතමී රෝඩ් එකට බැහැලා බයිසිකලේ මඟ නතර කරලා චින්තක වෙපන් එක ලෝඩ් කරගෙන ඉස්සරහට ආවා. එතකොට මාළු නිහාල්ගේ සුදු පාට ලාන්සර් එක පාරේ නතර කරලා තිබ්බේ. චින්තක ආපු ගමන් දඩ බඩ ගාගෙන වෙඩි තියාගෙන, වෙඩි තියාගෙන ගියා. මාළු නිහාල්ට හැරෙන්නටත් හම්බ වුණේ නැහැ. ළඟ හිටපු චීනටත් වෙඩි තිබ්බා. ළඟටම ඔළුව කුඩු වෙන්න මාළු නිහාල්ට චින්තක වෙඩි තිබ්බා. ආමි එකේ කොල්ලා බයිසිකලේ අරන් ආවා. චින්තක නැග්ගා ගියා. කොහෙන්ද ගියේ කියලවත් හොයා ගන්න බැරි වුණා.
කෝසල ප්‍රියංකර කදුරුවාන